Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දුන්නා වගේම 69 ලක්ෂයම අකුලගන්නත් අපි ලෑස්තියි – ආණ්ඩුව ගේන්න කඩේ ගියපු අපිට අද මිනිස්සු ඉස්සරහ කියා ගන්න දෙයක් නෑ

ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ කලාකරුවන් ලෙස තමන් වර්තමානය වන විට දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ආණ්ඩුවට සහය දැක්වූ කලාකරුවන් පවසනවා.

කෘතගුණ සළකමු – මුල අමතක නොකරමු යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව තමන්ගෙන් ප්‍රශ්න කරන විට තමන්ට කට උත්තර නැතිවී ඇති බවයි.

69 ලක්ෂයක ජනවරමකින් මෙම ආණ්ඩුව බලයට පත් කළා සේම 69 ලක්ෂයම අකුලවා ආණ්ඩුව ගෙදර යැවීමට තමන් සුදානම් බවද ඔවුන් සඳහන් කළා.

වර්තමාන තරුණ පරපුර රැවටවීමට නොහැකි බව සැවොම පිළිගත යුතු බවද ඔවුන් මෙහිදී සිහිපත් කළා.

වැඩි දුරටත් අදහස් දැක්වූ කලාකරුවන් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමෙන් පසු තවත් පුද්ගලයෙකු ජනාධිපති වීමට උත්සහ කරමින් සිටින බවද පෙන්වා දුන් ඔවුන් විමල් වීරවංශ මහතා ඉටු කළ කාර්යභාරයට එරෙහිව ඇතැමුන් එල්ල කරන චෝදනා පිළිබඳවද අදහස් පළකලා.