Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජෝසප් ස්ටාර්ලින් කැබිනට් තීන්දුවකට එරෙහිව නඩු දැමීමට යයි

පාසල් පන්තියක සිටිය යුතු  ළමුන් සංඛ්‍යාව ඉහළ දැමීමට ආණ්ඩුව කර ඇති තීරණය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට පටහැනිව යාමක් බව පවසන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් එයට එරෙහිව  අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.

එක් පන්තියක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව ලබන අවුරුද්දේ පටන් 45 සීමාව දක්වා සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ගාමිණි ලක්ෂ්මන් පීරිස් නීතිය පිලිබඳ මහාචාර්යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත කළ අමාත්‍ය මණ්ඩලය ඊට අදාළ නීතිමය කටයුතු සිදුකිරීම සඳහා එය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට පසුගිය සතියේ තීන්දු කර තිබුණි.

කැබිනට් මණ්ඩලයේ එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ.

 අමාත්‍ය මණ්ඩල තීරණය පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 කට සීමා කළ යුතු බවට 2011 වසරේ ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයට හරස්ව යාමක් බවද ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි.

”අමාත්‍ය මණ්ඩල තීරණය පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 කට සීමා කළ යුතු බවට 2011 වසරේ ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයට හරස්ව යාමක් බවද ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි.”

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව කටයුතු කරන බවට ප්‍රකාශ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය 2016 වසරේ ළමුන් 40 කින් ආරම්භ කොට වසරකට එක් සිසුවා බැගින් අඩු කොට 2021 වසරේ සිට ළමුන් 35 තීරණය ක්‍රියාවට නැගීමට අවශ්‍ය චක්‍රලේඛය නිකුත් කොට තිබියදී එම තීරණය උල්ලංඝණය කරමින් අමාත්‍ය මණ්ඩලය විසින් ළමුන් 35 සීමාව 45 දක්වා වැඩි කිරීමට ගන්නා ලද තීරණයට ලංකා ගුරු සංගමය දැඩි විරෝධය පළ කර තිබේ.

“ඉහත තීරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය 2020.10.07 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ අත්‍යාවශ්‍ය වෘත්තික කණ්ඩායම් සහ විවිධ පදනම් මත පාසලට ඇතුළත් කිරීමේ දී ළමුන් 35 උපරිම සීමාව සමාජ ගැටලූවක් බවට පත් වී ඇති බවයි. මේ අනුව පැහැදිලි වන්නේ තෝරා ගත් පිරිසකට වරප්‍රසාදයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.”

35 ප්‍රායෝගික නෑ !

school class room

ආණ්ඩුව පවසන්නේ 2021 වසර සහ ඉන් ඉදිරියට 35ක් ලෙස අඩු කිරීමට 2016 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුනත් සිසුන් සංඛ්‍යාව 35 සීමාවේ පවත්වා ගැනීම ප්‍රායෝගික වී නැති බවයි.

ආණ්ඩුව පවසන්නේ 2021 වසර සහ ඉන් ඉදිරියට 35ක් ලෙස අඩු කිරීමට 2016 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුනත් සිසුන් සංඛ්‍යාව 35 සීමාවේ පවත්වා ගැනීම ප්‍රායෝගික වී නැති බවයි.

“අනිවාර්ය සහ වාර්ෂික ස්ථාන මාරු, විදේශගතව සිට පැමිණි පදනම, පදිංචිය වෙනස්වීම, අධිකරණ සේවයේ නියුතු විනිශ්චයකාරවරුන්, රජයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් පාසල්වල හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුවල සේවයෙහි නියුක්ත කාර්ය මණ්ඩල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් යන අත්‍යාවශ්‍ය වෘත්තික කණ්ඩායම් සහ විවිධ පදනම් මත පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී තිස්පහේ (35) උපරිම සිසුන් සීමාව කළමනාකරණය කරගැනීම සමාජ ගැටළුවක් බවට පත් වී තිබේ,” යයි කැබිනට් මණ්ඩලය පවසා තිබුණි.

ලංකාවේ පාසල් 10174 ක් තුළ ජාතික පාසල් 378 ක් පැවතියද බරපතල තරගකාරීත්වයක් ඇත්තේ පාසල් 36 ක් සදහා පමනක් බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ, මෙම ජනප්‍රිය  සහ අධි ඉල්ලූමක් සහිත පාසල්වලට සමානව සිසුන් ඇතුළත් කිරීම වෙනුවට තෝරා ගත් පන්තියකට ඉඩ ලබාදීම වෙනුවෙන් මෙවැනි තීරණ ගැනීම සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝණය කිරීමක් ලෙසිනි.

ලංකා ගුරු සංගමය ඔක්තෝබර් 8 බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ 35 සීමාව තුළ ද මෙම කණ්ඩායම්වල දරුවන් ඇතුළත් කිරීමට ඉඩකඩ පවතින අතර, පන්ති කාමරය තුළ ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමට සහ සෑම දරුවෙක් සම්බන්ධයෙන් ම අවධානය යොමු කිරීමට 35 සීමාව පැවතීම අත්‍යාවශ්‍ය තත්වයක් බවයි.

“ශ්‍රේෂ්ඨාධිකරණය සියලූ පාර්ශවයන්ගේ කරුණු අවධාරණයට ලක් කොට එම තීරණය ගෙන ඇත,” සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

දේශපාලකයන්ගේ කූට අරමුණක්:

සෑම පාසලක් ම සමානව දියුණු කර සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා ලබාදීමට කටයුතු නොකිරීම මත මෙම සමාජ ගැටලුව නිර්මාණය වී ඇති බව පවසන ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ, ඉහත තීරණය  දේශපාලනඥයන් ඇතුළු විවිධ කණ්ඩායම්වලට තම  ඕනෑ එපාකම් මත ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ අවස්ථාව උදාකර ගැනීමේ කූට අරමුණක් බවයි.

”සෑම පාසලක් ම සමානව දියුණු කර සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා ලබාදීමට කටයුතු නොකිරීම මත මෙම සමාජ ගැටලුව නිර්මාණය වී ඇති බව පවසන ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ, ඉහත තීරණය  දේශපාලනඥයන් ඇතුළු විවිධ කණ්ඩායම්වලට තම  ඕනෑ එපාකම් මත ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ අවස්ථාව උදාකර ගැනීමේ කූට අරමුණක් බවයි.”

ජනප්‍රිය පාසල්වලට කෙසේ හෝ දරුවන් ඇතුළත් කිරීමට දෙමාපියන් උත්සාහ දැරූව ද අධ්‍යාපන බලධාරීන් කළ යුත්තේ ජනප්‍රිය පාසල්වල පන්තිකාමර අසීමිතව පිරවීමට කටයුතු කිරීම නොව සියලූ පාසල් සමානව සංවර්ධනය කිරීම බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

 පන්ති කාමරයේ ළමුන් සංඛ්‍යා වැඩිකිරීම ගුරුවරුන්ට ඉගැන්වීමේ කටයුතු නිසි පරිදි සිදු කිරීමට බාධාවක් බවත් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

 ආණ්ඩුව ජනාධිපති කාර්ය සාධක බලකාය මෙන්ම විවිධ කොමිෂන් ද පත් කරමින් අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සිදු කරන බවට ජනතාව මත බලාපොරොත්තු ඇති කරමින් ඊට පටහැනිව තෝරාගත් පන්තියකට අධ්‍යාපනය සීමා කිරීමේ මෙවැනි තීරණ ගැනීම ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ  දෙබිඩි පිළිවෙතක් ලෙසිනි.

 ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය උල්ලංඝණය කරමින් ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට ලංකා ගුරු සංගමය කටයුතු කරන බව එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.