Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජපානයෙන් ලංකාව ඇතුළු රටවල් 11කට තහනමක්

ශ්‍රී  ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා.

ඒ කොරෝනා වෛරසය එරටට ඇතුළුවීම පාලනය කිරීම සඳහායි.

ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට මේ වනවිට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමටද ජපාන රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ද ජපානයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

නමුත් ව්‍යාපාරික සංචාරකයින් සඳහා අද සිට ජනවාරි 31 දා දක්වා එම තහනම අදාළ නොවන බව ද සඳහන්.

ජපානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.