පොදු දේපළ වලට හානිකර පොලිස් රාජකාරියට බාධා කරලා චෝදනා පෙළක්
පසුගිය දා පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක ගෝඨාගම ප්‍රධාන සමාජ ක්‍රියාකාරීන් 09 දෙනෙකු සැකකරුවන් ලෙස පොලිසිය විසින් නම් කර තිබෙනවා.
ජුනි 09 වැනිදා සහ 10 වෙනිදා පැවති විරෝධතා දෙකකට ද සම්බන්ධ බව පවසමින් මෙම පිරිසට පොලිසිය විසින් චෝදනා කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, කලාකරුවන් වන රතිඳු සේනාරත්න, ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි ද නම් කරන ලද සැකකරුවන් අතරට ඇතුළත්.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට