Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා මිනී කූල් කර කර තියාගන්න ලෑස්තිවෙන්න එපා කියමින් මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යමණ්ඩලය ගෙදර යති

මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලුම සේවකයන් අද දිනයේ තම රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ මිය ගිය කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයෙකුගේ මළ සිරුරක් සති ගණනාවක් තිස්සේ එහි ශීතාගාරයේ තැන්පත් කර තැබීමට විරෝධය පළ කරමින්.

මෙම මළ සිරුර ඉවත් කරන්නැයි අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද ඒ සිදුකර නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සියලු දෙනාගේ සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් ඊට විරෝධය පාමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඔවුන් සදහන් කරනවා.