Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කෙට්ටු වන්න නම් අද ම කෑම අඩු කරන්න එපා.

වර්තමානයේ අපි ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැලඳීම, ආහාර පාලනය කිරීම, ප්‍රතිජීවක ඖෂධ භාවිතය ආදී ක්‍රම අනුගමනය කරමු. එහෙත් පෞරාණික වෛද්‍යවරුන් අනුගමනය කළේ ඊට යම් තරමකින් වෙනස් වූ ක්‍රියාවලියකි. එක් එක් රටවල විසූ වෙදුන් සතුව නොයෙන් අන්දමේ විශ්වාසයන් පැවතිණි. ජනතාව ද ඔවුන් අනුගමනය කළ අතර, පුදුමයකට මෙන් සැලකිය යුතු රෝගීහු ප්‍රමාණයක් ඉන් සුවපත් වූහ.

1.සිහින පලාපල විශ්වාස කරන්න.

ශ්‍රී ලංකාවේ ආදි මුතුන් මිත්තන් පවා මෙම සිහින පලාපල සංසිද්ධිය සම්බන්ධයෙන් විශ්වාසය පල කළ බව පෙනේ. රෝමානු අධිරාජ්‍යවාදිකෙු වූ මාර්කස් අවුරේලියස්ගේ රාජකීය වෛද්‍යවරයා වූ ගැලෙන් නමැත්තා මේ පිළිබඳ ග්‍රන්ථ සියයකට ආසන්න ප්‍රමාණයක් ලියා තිබේ. 

ඔහුට අනඅගින්නක් හෝ කහ පැහැති දේ සිහිනෙන් දුටුවහොත් එහි අදහස වන්නේ කහ පිත කිපී ඇති බවයි. මීදුමා, දුමාරය ආදිය දුටුවහොත් අදහස් වන්නේ කළු පිත කිපී ඇති බවයි. ඒ ඒ පැහැය අනුව ප්‍රතිකාර විධිද වෙනස් කෙරිණි. වර්ෂාව, හිම, අයිස් ආදියෙන් පෙන්නුම් කරන්නේ සෙම් කෝප වී ඇති බව ය. 

2.එකවර කෑම අඩු නොකරන්න.

බොහෝ නීරෝගී පුද්ගලයන් අතින් සිදු වන වරදක් වන්නේ කවුරුන් හෝ තමා තර වී ඇති බව පැවසුවහොත් ඊළඟ ආහාර වේලේ සිට බත් පත අඩු කිරීමට උත්සාහ ගැනීම ය. වෛද්‍ය විද්‍යාවේපියා ලෙස ප්‍රසිද්ධ වී ඇති හිපොක්‍රටීස්ගේ අදහස වන්ටන් එසේ කිරීම අවධානම් බව ය. ඔහුට අනුව යමෙක් නියත වශවෙන් ම ඉතා සෙමෙන් හා ක්‍රමානුකූලව තම ආහාර ප්‍රමාණය අඩු කිරීමට උත්සාහ කළ යුතු ය. දළ වශයෙන් තම බත් පතින් දිනකට තේ හැන්දක පමණ ප්‍රමාණයක් අඩු කරමින් අපට මෙම ක්‍රියාවලිය ආරම්භ කළ හැකි ය. 

ඇතැමුන් දිනකට වේල් තුනක් ආහාර ගන්නා අතර ඇතැම්හු ගන්නෙ වේල් දෙකක් හෝ එකකි. එහෙත් යමෙකු එක් වර ම තමා ගන්නා ආහාර වේල් ගණන අඩු කළහොත් හෝ වැඩි කළහොත් ඔහු නියත වශයෙන ම රෝගී වනු ඇත.

3.අධික මත්පැන් කුරුලෑ ඇති කරයි.

මත්පැන් අක්මාවට අහිතකර බව අපි දනිමු. අධික උණුසුම් ශරීර ඇති, රෝස කම්මමුල්වලින් පිරිපුන් විනෝදකාමී පුද්ගලයින්ගේ සම ස්වභාවයෙන් ම ලෝහිත පැහැයක් ගනී. එවැන්නන් සිය ශරීරය පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් විය යුතු ය. ඔවුන්ගේ ආහාර රටාව ද වඩාත් සමබල විය යුතු අතර එවැන්නන්ට මත්පැන් පානය තහනම් ය. උ

උණුසුම් ශරීර ඇත්තෙකු බියර් හෝ ජින් වැනි අඩු සැර මත් පානයක් බීව ද, උණ, හිසරදය, හිස්කබල කැසීම, ඇඟ දැවිල්ල හා විශේෂයෙන් ම මුහුණ පුරා රතු පැහැයෙන් කුරුලෑ හට ගැනීම අනිවාර්යයෙන් සිදු වනු ඇත. 

4.අතීසාරයට බෝංචි අගනේ ය.

හිපොක්‍රටීස් සතු ව අතීසාරය සහ ඇතැම් බඩේ අජීර්ණ වර්ග සඳහා ඉතා පහසු ඖෂධ සංකලනයක් තිබිණි. පැළ වී අංකුර ඇදුණු බෝංචි ඇට මටක් ගෙන යුරේසියානු ශාකයක් වූ මැඩර් බට දුසිමක් සමඟ එක් කොට පිටි වන තුරු කුඩු කර ගන්න. පසු ව ලිපෙහි තබා උතුරන තුරු රත් කර, සාන්ද්‍රනයක් ලෙස බීමට ගන්න.

අප සෑම විට ම ඖෂධවේදියෙකු හෝ ෆාමසියක් පතා යා යුතු නැති බව මෙවැනි ප්‍රතිකාර ක්‍රමවලින් පැහැදිලි වේ. 

5.ගර්භනී මව්වරුන් අශ්වයින්ගෙන් ඈත් වී සිටින්න.

අප රටෙහි ගර්භනී කාන්තාවන් ඇවිදීමේ දී පවා ප්‍රවේශමෙන් අඩි තබතත් ඇතැම් රටවල මව්වරු මෙම තත්ත්වය එතරම් ගණනකට නොගනිති. ඔවුන්ගේ මළ දරු උපත් ප්‍රමාණය ශ්‍රී ලංකාවට වඩා වැඩි වන්නේ එබැවිනි. 

සංස්කෘත වෛද්‍යවරයෙකු වූ සුශ්‍රැත පවසන්නේ එවැනි මවක් පහත ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතු බව ය. 

  • අශ්වයින් අසලට යාම
  • යමක එල්ලී ව්‍යායාම කිරීම
  • උපවාස කිරීම
  • ඇද වැටීම
  • ඔක්කාරය ඇති කරවන ඖෂධ නොගැනීම 
  •  සමතල නොවන ස්ථානයක හිඳ ගැනීම.
  • ලිංගික සංසර්ගය
  • දිගු පියවර තැබීම
  • සේදුම් කුඩු හා වැසිකිළි පවිත්‍රකාරක භාවිතය
  • පැද්දීම
  • කඩුල්ලකින් පැනීම සහ
  • වේදනා නාශක භාවිතය.

මෙවැනි ක්‍රියාවන් නිසා කළලය ගර්භාෂයෙන් ගැලවී වැටෙන බව විශ්වාස කෙරිණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.