Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කැබිනට්ටුවේ කතාවට ගත්තේ රන්ජන්ගේ සමාව ගැනද ? අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නැහැ : කැබිනට් මණ්ඩලය පිළිගනී : ඒ සම්බන්ධයෙන් ලබා දුන් තීන්දු නැවත සළකා බැලීය යුතු බවත් කියයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දිය යුතු බවද යෝජනාව කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබාදී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද මෙතෙක් නිර්වචනය කර නොමැති බවද කැබිනට් මණ්ඩලය පිළිගෙන දෙනු විශේෂත්වයක්.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ආසන්න කාලයේදී සමගි ජන බලවේගයේ පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයකු වූ රන්ජන් රාමනායක මහතා ද වසර හතරකට සිර දඬුවම් හිමි වුණා.

අධිකරණයේ දූෂිත විනිසුරුවරුන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනය කිරීමට මහජනතාවට අයිතියක් තිබෙනවාද? මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ එසේ කළ නොහැකි ද? අධිකරණයේ විනිසුරුවරුන්ට එරෙහි සහ අධිකරණයට අපහාස වන බවට චෝදනා එල්ලවන නඩු අධිකරණයෙන්ම විභාගයට ගැනීම යුක්ති යුක්තද? වැනි කාරණා සහ අධිකරණයට එරෙහි නඩු අධිකරණයෙන්ම විභාගයට ගැනීමේදී නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැනි සමාජය ආකල්ප සමාජය තුළ නිර්මාණය වීම ද සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ කැබිනට් තීරණය මගින් මෑතකාලීනව දැඩි විවේචනයට ලක්වූ නඩු පිළිබඳව සලකා බැලීමේදී ඒ පිළිබඳ නීතිය නැවත සලකා බැලීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහලින්..

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම

– ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නොතිබීම හේතුවෙන් එවැනි නඩු විභාග කිරීමට හා තීරණය කිරීමට පැහැදිලි සහ ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය කරනු නොලබයි. ඒ හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වීමේ සීමාවන් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ වන සීමාවන් කොතෙක් ද යන්න පිළිබඳව තේරුම් ගැනීම අපහසු වී ඇත. එසේම, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෑතකාලීනව දැඩි විවේචනයට ලක් වූ නඩු පිළිබඳව සලකා බැලීමේදී ඒ පිළිබඳ නීතිය නැවත සලකා බැලීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, යෝග්‍ය නීති හඳුන්වාදීමේ අරමුණින් ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව විසින් මූලික කෙටුම්පතක් පිළියෙල කර ඇත. එකී මූලික කෙටුම්පත මත පදනම්ව නව නීතියක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.