ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ අනුව ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වනවිට රටට ලැබෙමින් පවතින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙල ඉතා කණගාටුදායක බව ද එවූ පණිවිඩයේ සඳහන්.
මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එලවා දැමිය යුතු බව පවසමින් දැවැන්ත මහජන විරෝධයක් ආරම්භ වීමට පැය කිහිපයකට පෙරාතුව මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂ කරුණක්.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසි එක් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පවසා තිබෙනවා.
එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් වන අතර පසුගියදා කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබුණේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.
ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සහ අදාළ කැබිනට් තීරණය පහලින්..


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?