Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එදා ගැලරියට කතා කළ බන්දුල – අද තියරියට කතා කරයි

එදා බඩුමිල ඉහළ යාම සම්බන්ධයෙන් පැවති රජයට දැඩි විවේචන එල්ල කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද වන විට බඩු මිල අඩු කරන ලෙස ඉල්ලා සිටින සටන් පාඨය දේශපාලන බොරුකාරයන්ගේ් එකක් බව පවසනවා.

බඩු මිල අඩුකිරීම සඳහා අවශ්‍ය නම් කල යුතු වන්නේ නිෂ්පාදන අංශ විසින් නිෂ්පාදන ඉහල දැමීම බව පෙන්වා දෙන වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලුම අනුව සැපයුම් න්‍යාය අනුව මිල තීරණය වන බව ද සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින්.

එහිද වැඩිදුරටත් අදහස් පලකළ ගුණවර්ධන මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා සක්විති රජකම ලැබුනත් මේ රට පාවා දෙන්නේ නැතැයි ද පැවසුවා.

මේ අතර මේ වන විට රට පුරා එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝග්‍රෑම් 01ක මිල සටහන් වන්නේ රුපියල් 700ක් ලෙසයි.

වට්ටක්කා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 240ක් දක්වාද බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 140ක් දක්වාද ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා මෙන්ම වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මීට කලකට පෙර සඳහන් කර සිටියේ එළවළු මිල සහ භාණ්ඩ මිල පහත දැමීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.