Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති කියන දේවල් කරන්න බෑ – ගාන තීරණය කරන්නේ අපි ආනයනකරුවන් සහ තොග වෙළෙන්දන් බඩු මිල තීරණය කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ විස්සක් අඩු මුදලකට ලබාදීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ අනුව අමාත්‍යාංශය ඉල්ලා සිටින මුදලට සීනි සහ සැමන් ලබාදීම ආනයනකරුවන් සහ තොග වෙළෙන්දන් ප්‍රතික්ෂේප කර තිබේ තිබේ.

සීනි, පිටි, හාල් ඇතුළු භාණ්ඩ විස්සක් ලබාදීම සඳහා ආනයනකරුවන් හා තොග වෙළෙන්දන්ගෙන් මිල ගණන් කැඳවා වෙළෙඳ අමාත්‍යාංශය සාකච්ඡාවක් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පසුගිය කාලයේ රුපියල් 50ක් වූ සීනි සඳහා පැවති ආනයනික බද්ද ශත 25 දක්වා පහත දමමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය උපකාරී කර ගනිමින් අඩු මිලට සීනි මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් පමණ මෙරටට රැගෙන ආ සමාගම ද මෙම සාකච්ඡාවට එක් වී තිබෙනවා.

රජය පැවසුවේ ආනයනික බදු අඩු කල පසු ජනතාවට රු 85 කට සීනි කිලෝවක් ලබා දිය හැකි බවයි.

නමුත් මෙය ප්‍රතික්ෂේප කරමින් අදාල සමගම පවසා ඇත්තේ තමන්ට සීනි කිලෝවක් අලෙවි කල හැක්කේ රු 99 ක මිලකට පමණක් බවයි.

මෙම සාකච්ඡාවේදී සමන් මිල සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති අතර ආනයනික සැමන් ඉතා මිල අධික බැවින් දේශීය නිෂ්පාදකයන්ගෙන් සැමන් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ විස්ස පිළිබඳව ජීවන වියදම් කමිටුවද දැනුවත් කර පෙබරවාරි මාසයේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජීවන වියදම් කමිටුව පසුගිය සිකුරාදා (29 වැනිදා) රැස්වීමට නියමිතව තිබුණත් එය පවත්වා නැහැ.