Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එට්නා ගිනි කන්ද ඇවිළුණා

යුරෝපයේ විශාලතම ක්‍රියාකාරී ගිනි කන්ද වන ඉතාලියේ එට්නා ගිනි කන්ද ඇවිළෙමින් තිබේ.

මෙයට දිනකට පමණ පෙර එයින් අළු විසිරීමට පටන් ගත් හෙයින් ගිනි කන්ද පිහිටා තිබෙන සිසිලිය නගරයේ බලධාරීන් විසින් ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබිණි.

මේ වන විට ගිනි කන්දෙන් පිටතට ලෝදිය ගලාගෙන එමින් පවතින අතර, ඒවා වැලේ ඩෙල් බෝවේ නම් වන ප්‍රදේශය වෙත ගමන් කරමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

බලධාරීන් පවසන්නේ කන්දෙන් ප්‍රධාන ලෝදිය දහරා දෙකක් පිටතට පැමිණෙමින් ඇති බව යි. වැලේ ඩෙල් බෝවේ නගරය වෙත ගමන් ගන්නේ එම දහරා දෙක අතරින් ගිනිකොණ දෙසින් පිටතට පැමිණි ලෝදිය දහර යි. දෙවන දහර උතුරු දෙසට ගලාගෙන යනු ඇත.

දැනට මෙම තත්ත්වය ගිනිකන්ද පිහිටා තිබෙන කඳු මුදුනට පමණක් සීමා වී ඇතත්, ඊට සැතපුම් 30ක් පමණ ඈතින් පිහිටා තිබෙන ටෝමිනා නම් වූ කන්දේ මුදුනෙහි ද කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇති බව පෙනී යමින් තිබෙන බව ජනතාව පවසති.