Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අම්මිගෙයි අප්පචිගෙයි මැද්දට අප්පච්චි බෝම්බයක් අතහරී

රුපියල් කෝටි ගණනක බරපතළ මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවගේ සැමියා ලෙස හැදින්වෙන ඉසුරු බණ්ඩාර නම් පුද්ගලයා පසුගිය දා (17) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනීමට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පුද්ගලයා කැඳවා ප්‍රශ්න කිරීමක් සිදුකළ අතර එහිදීද ඔහු සඳහන් කර තිබුණේ තමන් තමන් තිළිණි ප‍්‍රියමාලිගේ සැමියා නොවන බවත් පෙම්වතෙකු පමණක් බවත්ය.

තමන්ට ඇය විසින් අමතන ලද්දේ ‘අප්පච්චි’ නමින් බවද ඔහු සඳහන් කර තිබුණා.

තිළිණි ප‍්‍රියමාලි විවාහක කාන්තාවක ය තමන් දැන ගත්තේ දැනට මාස දෙක තුනකට පමණ පෙර බවද ඔහු එහිදී පැවසූ බවයි වාර්තා වුණේ.

සංචාරක හා මැණික් ව්‍යාපාරික සම්බන්ධ තමන්ගෙන්ද තිළිණි ප‍්‍රියමාලි මුදල් සහ රත්රන් වංචා කර ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් තිලිණි ප්‍රියමාලි සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මුල් වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ව්‍යාපාරික කමල් හසන් මහතා Mee Massoo TV සමග මුල්වරට මාධ්‍ය සාකච්ඡාවක් ලබාදෙමින් තිලිණි ප්‍රියමාලිගේ සහ ඉසුරු බණ්ඩාර නමැති පුද්ගලයාගේ සම්බන්ධය පිළිබඳ කරුණු හෙළි කළේ ඉසුරු බණ්ඩාර පවසන ඉහත කරුණු සියල්ල අසත්‍ය බව පවසමින්.

එය තහවුරු කිරීම සඳහා තමන් සතුව වීඩියෝ සාක්ෂි පවා ඇති බවද සඳහන් කළා.