Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපි OIC ල පත්කරන්නේ හොඳට හිතල බලලයි : වෙනම කමිටුවක නිර්දේශ අරගෙනයි

පොලිසිය භාර ඇමති පොලිසිය ගැන කතා කරයි

පොලිසිය දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බවත් පොලිස් නිලධාරීන්ට දේශපාලඥයින්ගේ වැරදි වැඩ කිරිමට අයිතියක් නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

අලුතින් ස්ථාපනය කරන ලද පොලිස් ස්ථාන 105ක ස්ථානාධිපතිවරුන්ගේ ගැටළු හා ජනතා ගැටලු වෙනුවෙන් ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාශයේ පැවති වැඩසටහනේ දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන්ද සරත් වීරසේකර අමාත්‍යවරයා අදහස් පල කර තිබෙනවා.

ඔහු පවසන්නේ විශේෂ කමිටුවක් පත්කොට දක්ෂ නිලධාරින් පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කරන බවයි.

“පොලිසිය දේශපාලනීකරණය වෙන්න දෙන්නෙත් නැහැ. සමහර දේශපාලඥයන් ස්ථානාධිපතිවරුන් පත් කරන්න කියලා නොයෙකුත් නිර්දේශ දෙනවා. අපි බොහොමයක් ඒවා ප්‍රතික්ෂේප කරලා තියනවා. සමහර වෙලාවට හොඳ නිලධාරියෙක් හිටියොත් ඔවුන් ගැන හොඳට හොයලා බලලා තමයි ස්ථානාධිපතිවරු විදියට පත් කරන්නේ, ඒකත් කරන්නේ වෙනම කමිටුවක් පත් කරලා පොලිස්පතිතුමාගේ සහ ලේකම්තුමාගේ නිර්දේශය මතයි.“ යැයිද බවද සරත් වීරසේකර මහතා සඳහන් කළා.

තමන් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් පොලිස් ස්ථානයේ වැඩ කරන නිලධාරීන්ගේ හා තමාට අයත් වසමේ ජනතාවගේ සුභ සාධනය හා සුභ සිද්ධිය උදෙසා සේවය කල යුතුයැයිද පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවසූ ඇමතිවරයා රාජකාරිය තුලදී යහපත් චේතනාවෙන් යම්කිසි කාර්යයක් ඉටු කිරීමේදී වැරදීමක් සිදු වුවහොත්, තමාත් , පොලිස්පතිතුමාත් ලේකම්තුමාත් එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවද අවධාරණය කිරීම විශේෂත්වයක්.