Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීම

මේ කතාවත් හොර එළි වීමක් ගැන ම තමා. එතකොට විරාත් කෝලි අනුෂ්කා ශර්මා කසාද බැඳලා හිටියෙ නෑ. කෙටියෙන් ම කිව්වොත් ඒ වගේ සම්බන්ධතාවක් ගැන හාංකවිසියක්වත් කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ. 

ඉතින් හත් වෙනි අයි.පී.එල්. එකේ (ඉන්දියන් ප්‍රිමියර් ලීග්) සමාරම්භ උත්සවයේ දී නිවේදකයා විදිහට වැඩ කළේ ශාරුක් ඛාන්. එයා ඒ කාලේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා වුණු විරාත්⁣ විහිළුවට අල්ලගෙන තිබුණා. ටිකකින් ශාරුක් අහඹු විදිහට බොලිවුඩ් නිළියන්ගේ රූප කිහිපයක් පෙන්නලා, බඳින්න ලැබුණොත් තමන් තෝර ගන්නේ එතනින් කාවද කියලා කෝලිගෙන් ඇහුවා.

අහම්බෙන් එතන අනුශ්කාගේ රූපයකුත් තිබුණා. ඉතින් අහිංසක කෝලි පැනපු ගමන් තමන්ගේ ක්‍රෂ් එක තෝර ගත්තා. ඇත්තට ම එයා ඒක කළේ වැඩිය හිතන්නේ නැතිව. ඒත් යටි හිතේ තිබුණු දේ එළියට ආවා. ඕකට තමා කියන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා.

මේ නාඩගම එතනින් නැවතුණේ නැහැ. ශාරුක් අනුශ්කාගේ ෆොටෝ එක අරගෙන කෝලිගේ බෙල්ලෙ එල්ලුවා. ඒක නම් එක්තරා විදිහකට හිංසාවක් තමයි. ඒත් කවුද දන්නෙ මේ මනුස්සයා ඇත්තට ම ඒ කෙල්ලට ආදරෙයි කියලා. ඒක මේ නිකම් විහිළුවට කරපු දෙයක් නෙ.

ඒත් ඉතින් තමන්ගේ හිත ගැන ඇත්ත දන්න කෝලි, අනුශ්කාත් බෙල්ලෙ දාගෙන බොහොම අමාරුවෙන් ලැජ්ජාවෙන් රතු ම රතු වෙලා ඉන්න හැටි එතන හිටිය ඔක්කොමලා දැක්කා.

About The Author