Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හුරේ දමමුද – හඩා වටෙමුද? ‘පර දෙමළා, තොපි මරනවා.. මේක මගේ ඒරියා එක’ හමුදා ලොක්කෙක් වෛද්‍යවරකුට තර්ජන කරයි – GMOA විරෝධය

වැලිඔය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියාට හමුදාවේ ඉහළ නිලධාරියෙක් පරුෂ වචනයෙන් බැණ වැදී මරණ තර්ජනය කළේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.

බ්‍රිගේඩියර් කේ.කේ එස් පැරකුම් නම් නිලධාරියෙකු විසින් අදාල එම රෝහලට පැමිණ ‘පර දෙමළා, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරනවා.. මේක මගේ ඒරියා එක’ යනුවෙන් තර්ජනය කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

සංගමයේ ලේකම්වරයා ගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපිය මෙසේය.

About The Author