Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පුරාණ යුගවල කාන්තාවන්ට දඬුවම් කළ හැටි.

Circa 1520, The Spanish Inquisition at work on suspected Protestants and insincere Christians in a torture chamber. All their gruesome work was carried out in the name of Christianity; note the altar and officiating monks on the right. (Photo by Three Lions/Getty Images)

1.යකඩ කූඩුව (Scold’s Bridle)

කට සැර ගැහැනුන් හට ලබා දිය හැකි දඬුවම කුමක් ද? පෙර යුගයේ දී පුරුෂයින් සතුව ඒ සඳහා අපූරු උපක්‍රමයක් තිබිණි. එය එක්තරා ආකාරයකින් කූඩුවකි. එම කූඩුව අදාළ කාන්තාවගේ හිසෙහි ප්‍රමාණයට සකසා ගන්නා අතර, මුඛය පිහිටන ස්ථානයෙන්, මුඛයෙන් ඇතුළට යැවිය හැකි වන සේ යකඩ පතුරක් සකසනු ලැබේ. අදාළ යකඩ පතුර මුඛය තුළට යවා, කූඩුව මුහුණ ද වැසී යන සේ හිසට සවි කළ පසු කිසියම් හෙයකින් දිව චලනය කළහොත් දිව කැපී යනුඇත. එහෙයින් මෙසේ කූඩුකළ පසු කතා.කළ නොහැකි ය.

මෙම දඬුවම ලබා දී තිබුණේ හැම විට ම ඕපාදූප පවසමින්, සමාජය විනාශ කිරීමට උත්සාහ කළ කාන්තාවන්ට ය. තව ද අලුත.ගෙනා මනමාළිය වුවමනාවට වඩා කතා කරන්නේ නම්, ඇය පාඩමක් ඉ⁣න ගන්නා තුරු ද මෙම කූඩුවෙහි බහා තබනු ලැබිණි. මෙය සවි කොට නිවාස අඩස්සියේ තැබීම සාමාන්‍ය දඬුවම් ක්‍රමය වුව ද කිසියම් කාන්තාවක වැඩිදුර නින්දාවට භාජනය කළ යුතු වි නම්, අදාළ කූඩුව සවිකොට, දම්වැලකින් ගැට ගසා මං මාවත් දිගේ ඇවිද්දවනු ලැබිණි.

2. වියගස (Shrew’s Fiddle)

මෙම උපකරණය එකතරා ආකාරයකින් වියගසකි. ලෑල්ලක්වන එහි දෙපස හිස සහ දෑත් දැමීම සඳහා හිල් සාදා තිබේ. කිසියම් ගැහැනියක් හැම විට ම රණ්ඩු කරන්නේ නම් එම ගැහැනිය අල්වාගෙන මෙම ලෑල්ලේ එක් පසෙක අත් සහ හිස රිංගවා සවි කරනු ලැබේ. ඇතැම්විට අනෙක් පස එම ගැහරනිය කලහ කළ අනෙක් තැනැත්තිය ද රඳවනු ලැබේ. පාඩමක්.ඉගෙන ගන්නා තුරු.දෙදෙනා දෙපස සිටගෙන, මුහුණින් මුහුණ බලා සිටිය යුතු ය. ඕනෑ නම් එහි දී ද බැණ ගත හැකිලය. එහෙත් කලහය නවතින තුරු දෙදෙනා ඉන් මුදවන්නේ නැත.

3. ආසනය නැති පුටුව. (Cocking stool).

ලිංගික විෂමාචාර චෝදනා ලැබූ කාන්තාවන් හට මෙම දඬුවම ලබා දෙන ලදී. එය පුටුවකි. එහෙත් වාඩි වීම සඳහා පනවන ලද ලෑල්ලක් දක්නට නොලැබේ. ලී රාමුව පමණක් තිබේ. කාන්තාවන් මෙන් ම පුරුෂයින් සඳහා ද භාවිත කරනු ලැබූ මෙහි වාඩි වීමට සැලැස්වීම නින්දාවක්.ලෙස සැලකිණි.

විෂමාචාර චෝදනා ලැබූ තැනැත්තිය අදාළ පුටුවේ හිඳුවා නගරය පුරා ඔසවාගෙන යනු ලැබිණි. ඒ අතරේ බලා සිටින අය විසින් ඇයට නොයෙක් ආකාරයේ තක්කාලි, බිත්තර මෙන් ම ගල්මුල්වලින් ද පහර දෙමින් අසභ්‍ය වචනවලින් බැණ වැදුණු බව කියවේ. ලේඛක විලියම් බෝර්ලේස් පවසන පරිදි, එය අපකීර්තිමත් ආසනයක් වූ අතර, අදාළ කාන්තාව ආසනය පසුකර ගිය අයගේ සමච්චලයට ලක් කිරීම සඳහා හොරණෑ පිඹින ලදී.

4. තාරා පුටුව (Ducking stool)

තාරා පුටුව වූ කලි ඉහතින් සඳහන් කළ ආසනයක් නොමැති පුටුවෙහි ම දිගුවකි. මෙම පුටුවෙහි ද ආසනය ඉවත් කොට තිබෙන අතර, තවදුරටත් එය දිගු ලී බාල්කවලට සවි කොට, ඔසවන ලද තවත් ලීයකට සවි කර තිබුණි. එනම්, පුටුවෙහි වාඩිවන තැන්ත්තිය බාල්කයේ එල්ලෙමින් සිටින ආකාරයට ය. එම ඔසවා තැබෙන ලීය කරත්තයකට සවි කොටඑහා මෙහා ගෙන යා හැකි පරිදි සකසනු ලැබිණි. 

ප්‍රංශ ලේඛක ෆ්‍රැන්කොයිස් මැක්සිමිලියන් මිසන් පැවසූ පරිදි මෙම කරත්තය ගඟක් හෝ පොකුණක් අසල සිටුවා, අවිචාරවත් කාන්තාව ඒ මත.හිඳුවා උසාවිය විසින් ඇයට නියම කළ දඬුවම් වාර ගණන අනුව එම පුටුව කාන්තාව ද සමඟ ගඟෙහි ගිල්වමින් නැවත ඉවතට ගනු ලැබේ. “ඇගේ අසීමිත ශරීර උණුසුම සිසිල් කිරීම” සඳහා මෙය කළ බව කියවේ.  සමහර අවස්ථාවල දී, බොහෝ වාර ගණනක් මෙම දඬුවමට ලක් වඋ කාන්තාවන් සීතලෙන් මිය ගිය බවට වාර්තා වේ.

If jarring females kindle strife,

Give language foul, or lug the coif;

If noisy dames should once begin

To drive the house with horrid din,

Away, you cry, you’ll grace the stool,

We’ll teach you how your tongue to rule.

– Benjamin West, 1780

5. දඬුකඳ (Pillory)

මෙ අප රටෙහි භාවිත කෙරුණු දඬුකඳට කිසියම් ප්‍රමාණයකින් සමාන වුව ද,දඬුවම් විඳින තැනැත්තියට සිදු වූයේ සිටගෙන සිටීමට ය. ඇගේ හිස සහ දෑත් දඬුකඳෙන් ඉවතට සිටින සේ අගුළු දමන ලදඅතර, ප්‍රසිද්⁣ධියේ නින්දා අපහාස විඳීම සඳහා ප්‍රදර්ශනයට තැබිණි. 

ඇතැම් අවස්ථාවල ඇගේ දෑත් අගුළු දමා නොතිබුණි. මෙම දඬුවමට ලක්වීමේ සාමාන්‍ය අපරාධ අතරට ඕනෑවට වඩා කතා කිරීම හෝ විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම මෙන් ම අසල්වැසියන්ට කරදර කිරීම ද ඇතුළත් විය. 1777 දී මොරෝ නමැත්තියක පිරිමියෙකු ලෙස පෙනී සිටිමින් තවත් කාන්තාවක විවාහ කර ගත් බවට චෝදනා එල්ල විය. ඇය මෙම දඬුවමට ලක් කෙරුණු අතර කෝපයට පත් සමූහයා ඇයට ගල් ගසා අන්ධ කළ බව කියවේ.

6. බේබද්දන්ගේ බැරලය (Drunkard’s Cloak).

බැරල් කොට්ටය ලෙසද හැඳින්වෙන මෙම උපකරණය සොරකම, බේබදුකම වැනි අපරාධ සඳහා පිරිමින් හට දඬුවම් කිරීම සඳහා භාවිත කරන ලදී. එනමුත් කාන්තාවන් ද බේබද්දන්ගේ බැරලය තුළ දඬුවමට ලක්.වී තිබේ. 

එක් මිනිසෙක් ඕලන්දයේ ඩෙල්ෆ්ට් නගරයේ දී මෙවැනි දඬුවම් බැරලයක් දුටු බව වාර්තා විය. එය කටුවක් මෙන් බර ලී බඳුනක් විය. එකවර ස්වාමිපුරුෂයන් දෙදෙනෙකු සමඟ සිටි කාන්තාවක බැරලය තුළට දමා තිබිණි. පිටතට පෙනුණේ ඇගේ හිස සහ අතැඟිලි පමණි. අන්‍යයෝ කාන්තාවගේ මුහුණ මත ලියූහ. ඇගේ හිසට ඉහළින් එබී බැලූහ. එම අපහසුතාව දඬුවමක් ලෙස සැලකුණු අතර, පිරිසක් එක් වී ඇය නගරය වටා ගෙන ගියහ.”

7. නාසය කපා දැමීම.

ස්ත්‍රියකගේ නාසය විකෘති කිරීම හෝ ඉවත් කිරීම ජනප්‍රිය දඬුවම් ක්‍රමයක් විය. එකල ලිංගික අතවරයකට ලක් වූ කාන්තාවන් හට දඬුවම් ලබා දුන් අතර  මෙම නාසය කපා දැමීමේ ක්‍රමය එවැන්නියන් වෙනුවෙන් වඩාත් උපයෝගීකර ගැනිණි. එය මධ්‍යතන යුගය දක්වාම පැවතුණු බව පෙනේ.  කාන්තාවකගේ මුහුණ විකෘති කිරීමෙන් ඇගේ සුන්දරත්වය නමැති භයානක බලය ඉවත් කෙරිණි. 

1018 හි C nut’s law හෙවත් ක්නට්ගේ නීතියට අනුව පරදාර සේවනය පිළිබඳ චෝදනාවට ලක් වූ කාන්තාවකට දඬුවම ලෙස නාසය සහ කන් කපා දැමිය යුතු විය. එහෙත් ඊට සාපේක්ෂ ව, කාමමිථ්‍යාචාරයේ යෙදුණු මිනිසෙකු හට නියම කෙරු⁣ණේ දඩයක් ගෙවීමට පමණි.

8. අඩ නිරුවතින් ඇවිද්දවීම. (Rough music).

එය ගණිකා වෘත්තිය වෙනුවෙන් නියම කෙරුණු සාම්ප්‍රදායික දඬුවමක් විය. එසේ ම අශිෂ්ට, හා මාන්නාධික, ස්වාමියා හෙළා දැකි භාර්යාවන්හට ද නියම කෙරුණු දඬුවමක් විය. අදාළ කාන්තාව හට නගරය හරහා පාවහන් නොමැතිව ගමන් කිරීමට සිදු වූ අතර බොහෝ විට ඔවුන් දුහුල් සළුවකින් පමණක් ආවරණය කෙරිණි. වීදි අපිරිසිදු වූ අතර රළු ගල්වලින් තියුණු විය. කාන්තාවගේ නින්දාවට හේතු වන ආකාරයෙන් මෙම පෙරහැර සමඟ මිනී ඔළු සහ ඇටකටු ද ගෙන යන ලදී.

එම යුගයේ දී උසාවියට වඩා නගර වැසියන් විසින් කාන්තාවන් හීනමානයට ලක් කෙරිණි. අදාළ චූදිත කාන්තාවන් රාත්‍රියේ දී ඔවුන්ගේ ඇඳන්වලින් ඇදගෙන ගොස් “ගණිකාවක්, ගණිකාවක්” යැයි කෑ ගසමින් සමූහයා සමඟ නගරය පුරා පෙළපාළියේ ගෙන යන ලදී.

9. හංවඩු ගැසීම.

මෙය 16 වන සියවසේ ජනප්‍රිය දඬුවම් ක්‍රමයක් විය. ඇබර්ඩීන් නගරයෙහි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ලෝ නම් වූ ආර්යාවගේ කම්මුල් දෙක ම මෙලෙස උණුසුම් යකඩයකින් හංවඩු ගසන ලදී. පසුව කඩදාසි ඔටුන්නක් පලඳන ලද අතර නගරයෙන් ද පිටුවහල් කෙරිණි. ඇය නැවත පැමිණියේ නම් ගෝනියක දමා, ගඟෙහි ගිල්වන බවට ඇයට අනතුරු අඟවා තිබුණි. ඇතැම් අවස්ථාවල අදාළ කානතාවගේ යටිපතුල්, අත් සහ සිරුරේ වෙනත් ස්ථානවල පවා මෙලෙස හංවඩු ගසන ලද බවට වාර්තා වේ.

10. ගිල්වා මැරීම.

ඇන්ග්ලෝ සැක්සන් යුගයේ සිට 17 වන සියවස දක්වා, දියේ ගිලීම සොරකම් කළ බවට චෝදනා ලැබූ කාන්තාවන්ට පොදු දඬුවමක් විය. එය “මායාකාරියන් ගිල්වීම” නමින් හැඳින්වූ අතර මායාකාරියන් දඩයම් කරන්නන් විසින් කිසියම් කාන්තාවක් මායාකාරියක දැයි සොයා ගනු ලැබුවේ මෙසේ ගිල්වීමෙනි. එනමු අදාළ කාන්තාව කඹයකින් බැඳ ජලයට දැමූ පසු ඇය පාවී යන්නේ නම් නිවැරදිකාරියක වූ අතර ගිලී ගියේ නම් නිසැකව ම මායාකාරියක යැයි තීරණය කරනු ලැබිණි.

මූලික සිවිල් දඬුවමක් වශයෙන් දියෙහි ගිල්වීම සැබවින්ම සැහැල්ලු දඬුවමක් ලෙස සලකනු ලැබීය. මන්දයත් ඇතැම් අවස්ථාවල දී කාන්තාවන් හට මෙයට වඩා කුරිරු දඬුවම්වලට ලක් වීමට සිදු වූ බැවිනි.

11. ගිනි තැබීම.

මෙය සැබැවින් ම ස්කොට්ලන්තයේ මායා දඩයම්කරුවන් විසින් එළි දක්වන ලද ප්‍රසංගයේ කොටසකි. මායා කොස්සක් ආධාරයෙන් ගමන් කිරීම හා යක්ෂයා සමඟ සන්නිවේදනය කිරීම යන චෝදනා ලැබූ කාන්තාවන් මෙලෙස පුළුස්සා දමනු ලැබිණි. තව ද එය රාජද්‍රෝහී හෝ මිථ්‍යාදෘෂ්ටිය සඳහා උසාවිය විසින් දෙනු ලැබූ පොදු දඬුවමක් ද විය. වැරදි කරන ලද කාන්තාවගේ අත් පාවල තාර ආලේප කොට, තාරවලින් ම පොඟවා ගත් ඇඳුමක් ඇඳීමට සලස්වනු ලැබේ. පසුව ඇයව බැරලයකට දමා බෙල්ල අසලින් බැඳ, ගිනි දල්වනු ලැබේ. ඇතැම් අවස්ථාවල දී ඇය එකවරම පුළුස්සා දැවෙන ගිනි ජාලාවක් මත එල්ලා තැබෙනු ඇත.

ඇතැමුන් ඇය එල්ලා මැරීමට තරම් කරදර නොවනු ඇත. ඒ වෙනුවට ඇයගේ පාද වටා “ෆගොට්ස්” (වියළී ගිය අතු මිටි) තබා, ඒවාට ගිනි තබනු ලැබේ. එමඟින් කාන්තාව පණපිටින් පුළුස්සා දැමෙනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි