Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හරීරි නැවතත් පුටුවේ.

මීට වසරකට පමණ පෙර කැරැල්ලකින් පෙරළී ගිය ලෙබනනයේ හිටපු අගමැති සාද් හරීරිගේ රජයට, එදින සිට අර්බුදයෙන් පීඩා විඳි එරට මීළඟ රජය පිහිටුවීමේ වගකීම නැවතත් පැවරී තිබේ. පසුගිය අගෝස්තු මාසයේ දී අගනුවර හරහා කඩා වැටුණු දැවැන්ත පිපිරීමකින් පසු තවමත් පීඩා විඳින රටක කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමේ දරුණු කාර්යයට ඔහු මුහුණ දී සිටී. බේරූට්හි පාලක පක්ෂය කෙරෙහි දේශපාලන ගැටුම්කාරී වාතාවරණයක් සහ පුළුල් කෝපයක් රට තුළින් නැඟී ඇත.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිදු කළ කතාවක දී හරීරි කියා සිටියේ නව රජයක් පිහිටුවීම සඳහා තමා ඉක්මණින් පියවර ගන්නා බවයි. 

“කාලය ඉවර වී ඇති හෙයින් මෙය අපගේ ආදරණීය රටේ අවසාන සහ එකම අවස්ථාවයි. බලාපොරොත්තු සුන්වීම්වලට මුහුණ දී සිටින ලෙබනන් ජනතාවට මම කියමි. අපගේ ආර්ථිකයට, අපේ ආරක්ෂාවට තර්ජනයක් වන බිඳවැටීම නැවැත්වීමට සහ බිහිසුණු වරාය පිපිරීමේ විනාශය නැවත ගොඩනඟා ගැනීමට කටයුතු කරන බවට මා ඔවුන්ට දුන් පොරොන්දුවට මම කැපවී සිටිමි.” හරීරි පැවසීය.

පුළුල් පරාසයක් තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා නිර්පාක්ෂික හා තාක්‍ෂණික ආණ්ඩුවක් ගොඩනඟන බව ඔහු පැවසීය. මෙම පියවර නිසා ඔහු හිස්බුල්ලාගේ පිටුබලය ලබන පාර්ලිමේන්තු බහුතරයේ විරුද්ධවාදීන් සමඟ ගැටුම් ඇති කර ගනු ඇත. මන්දයත් ඔවුන් තාක්‍ෂණවේදීන්ගේ කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කිරීමේ යෝජනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබෙන බැවිනි. මීළඟ ආණ්ඩුව බිහිකිරීමට හරීරි සමත් වුවහොත් ඔහු සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරය භාර ගනු ඇත. රටේ දේශපාලන පංතියේ ප්‍රධානියෙකු වන හරීරි, ඝාතණයට ලක් වූ හිටපු අගමැති රෆික් හරීරිගේ පුත්‍රයා වන අතර ලෙබනනයේ සුන්නි මුස්ලිම් පක්ෂයේ දේශපාලන නායකයා ද වෙයි. එනමුත් මෙලෙස ලෙබනනයේ දේශපාලන ක්‍රමය හරහා සුන්නි මුස්ලිම්වරයෙකුට අගමැති ධුරය ලබා දීම හේතුවෙන්, හරීරිගේ නැවත පැමිණීමත් රටේ බලය බෙදා ගැනීමේ ක්‍රමයත් නතර කරන ලෙස ඉල්ලා සිටින බොහෝ විරෝධතාකරුවන් කලකිරීමට පත්වනු ඇත.

2017 වසරේ සෞදි අරාබියේ සංචාරයක් අතරතුර දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා හරීරි ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්විය. ඔහුගේ ඉල්ලා අස්වීම සවුදි අරාබිය විසින් බලහත්කාරයෙන් ලබා ගත් බවට බොහෝ දෙනා විශ්වාස කළ අතර, එහි දී ඔහු රියාද් නුවරට පැමිණි පසු බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවට ද වාර්තා වේ. එනමුත් සෞදි අරාබිය එම ප්‍රකාශයන් නැවත නැවතත් ප්‍රතික්ෂේප කළ අතර සති කිහිපයකට පසු ඔහු සිය ඉල්ලා අස්වීම නැවතත් ඉල්ලා අස්කර ගත්තේ ය. පසුගිය වසරේ වැඩි කාලයක් අගමැති ධුරයෙන් ඉවත් ව සිටි හිටපු අග්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර ප්‍රජාව විසින් අනුමත කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දී තිබේ.

හිස්බුල්ලාගේ පිටුබලය ලත්, පාර්ලිමේන්තු බහුතරයකින් බලයට ගෙන එන තාක්‍ෂණවේදියෙකු වන, භාරකාර අගමැති, හසන් ඩයබ්ගෙන් හරීරි වැඩ භාර ගනු ඇත. වරාය පිපිරීමෙන් සතියකට පමණ පසු කෝපයට පත් විරෝධතාකරුවන්ගේ ඇමතුම්වලට සවන් දෙමින් ඩයබ් ඉල්ලා අස්විය. එයින් පසු හරීරිගේ පිටුබලය ලත් රාජ්‍ය තාන්ත්‍රික, මුස්තාපා ආදිබ් අගමැති ධුරයට පත් වූ නමුත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ දේශපාලන බාධාවක් බිඳ දැමීමට අපොහොසත් වීමෙන් පසුව ඔහු ද ඉල්ලා අස්විය. එහෙයින් මේ වන විට ලෙබනනය පවතිනුයේ තරමක් අරාජික තත්ත්වයේ ය. එනමුත් හරීරිගේ නැවත පැමිණීමෙන් පසු සියල්ල යථා තත්ත්වයට පත් වනුඇති බව ජනතාවගේ විශ්වාසය යි.

About The Author