2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“හරීන් පණ මෙන් ආරක්ෂා කිරීම මගේ වගකීමයි” – සජිත් නායකත්වයේ වගකීම ප්‍රදර්ශනය කරයි

තමාගේ මන්ත්‍රී කණ්ඩායමේ කිසිවෙකුට කිසිදු ආකාරයකින් හානියක් සිදුවීමට තමා  කිසිවිටෙකත් ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හරින් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තුව තුළ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීම සඳහා ඇති අයිතියට ඕනෑම පුද්ගලයකු ගරු කළ යුතු බව පෙන්වාදුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  හරීන් ප්‍රනාන්දු මහතාගේ මයිලකට හෝ යම් අනතුරක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවද අවධාරණය කළා.