Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15කට වැඩි පිරිසක් නිරෝධායනයේ – සේවකයන්ට 300කට Rapid Antigen Test

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව අද උදෑසන තහවුරු වුණා.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම සිදුවීම් දෙකම සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ ආශ්‍රිතයන්  සොයා පාර්ලිමේන්තුවේ CCTV  කැමරා පද්ධතිය අද උදෑසන සිටම පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුට වැඩි පිරිසක් ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ජනවාරි මස 5 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර එදින CCTV දර්ශන ආශ්‍රයෙන් ඔහුගේ ආශ්‍රිතයන් සහ පාර්ලිමේන්තුවේ ගමන් කළ ස්ථාන හදුනාගෙන තිබෙනවා.

ජනවාරි මස 08 වැනි සිකුරාදා  කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට  පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීප ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන ඇති බවයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ඔවුන් ගැවසුණු ප්‍රදේශ විශබීජානුහරණය කිරීමට මේ වන විටත්  පියවර ගෙන අවසන්.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක කරගෙන යාමට හැකියාව ඇති බවයි.

කෙසේ වෙතත් අප වෙත වාර්තා වන්නේ පාර්ලිමේන්තුවේ සේවකයන් තුන්සිය දෙනෙකුට පමණ හෙට දිනයේ දී Rapid Antigen Test සිදුකිරීමට සැලසුම් කර ති බවයි.

මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයන් අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ,තලතා අතුකෝරාල, එම් ඒ සුමන්තිරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද අයත්.