එරාවුර් ප්‍රදේශයේ පිහිටි පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක සිය නිවස තුළදී දරුවකු ප්‍රසූත කර ඇතැයි පොලිසිය පවසයි.
මේ හා සම්බන්ධව තොරතුරක් ලැබී ඇති එරාවුර් පොලිසියේ නිලධාරින් සහ නිලධාරිනියන් කණ්ඩායමක් එම නිවෙසට යැවු අතර එහිදී ප්‍රසූත කර සිටි බිලිඳු දරුවා සොයා ගනු ලැබීය.
මෙම බිලිඳු දරුවා මියගොස් සිටි බව එරාවූර් පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ප්‍රසූත කිරීමෙන් පසු මෙම දරුවා මරා දැමුවේද එසේත් නැත්නම් කිසියම් හේතුවක් මත දරුවා ප්‍රසූත කිරීමේදී මරණය සිදුවී ඇද්දැයි යන්න සොයා ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බිලිඳාගේ සිරුර මඩකලපුව ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මෙම බාලවයස්කාර සිසුවිය ගැබිණියක් කල බව කියන විසිපස් හැවිරිදි එක්දරු පියෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු එරාවුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන සේවකයෙකි.
නිවසේ ඩෙංගු මදුරුවන් පරික්ෂා කිරීමට පැමිණි සෞඛ්‍ය කණ්ඩායමක් අතර සිටි බව කියන මෙම සැකකරු හඳුනාගෙන ඔහුත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත්බාලවයස්කාර සිසුවිය පොලිසියට පවසා ඇතැයි කියති.
මෙම සිසුවිය ලබාදුන් ප්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා කීය.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්