Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජපානය අසල නැවක් ගිලෙයි

ජපානය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජපාන වෙරළ ආරක්ෂක කණ්ඩායම් විසින් එහි සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක් බේරාගෙන ඇති අතර තවත් 09 දෙනෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

ටොන් 6,551 පමණ බරැති “Jintian” නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ජපානයේ නාගසාකි වෙරළ ආසන්න ගැඹුරු මුහුදේදී එසේ ගිලී ගොස් තිබුණි.

හොංකොං හි ලියාපදිංචි කර ඇති එම නැවෙහි චීන ජාතිකයින් 14 දෙනෙක් සහ මියන්මාර් ජාතිකයින් 08 දෙනෙක් සේවයේ යෙදී සිටියේය.