Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සියලු ජනවර්ගවල අයිතීන් ගැන සිතා මළ සිරුරු ගැන තීරණය ගන්න – රනිල් තම ස්ථාවරය හෙළි කරයි

දේහයන් ආදාහනය කරන්නේ ද, භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජන කොටස්වල අයිතිවාසිකමක් බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂ නායකයා ඒ සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පෙර බෞද්ධ, හින්දු සහ මුස්ලිම් යන ආගමික නායකයින් සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ බව සදහන් කළා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සේම කොරියාව, ඉන්දියාව, ජර්මනිය යන රටවල් මෙම කරුණ සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය විමසා බැලීම වැදගත් බවයි.

මුස්ලිම් ජනතා පමණක් නොව කතෝලික, හින්දු සහ බෞද්ධ ජනතාවද මළසිරුරු භූමදානය කරන අවස්ථා ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා යම් තීරණයක් ගන්නේ නම් එය සියලු ජාතීන් අතර එකඟතාවයක් මත ගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කර තිබෙනවා.

වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර තත්වයන් සහ සෞඛ්‍ය තත්වයන්ට ප්‍රමුඛතාවය දෙමින් මේ සම්බන්ධයෙන් වහා තීරණයක් ගැනීමට රජය පියවර ගත යුතු බවයි.

එසේත් නොමැතිව ඒක පර්ශවීයව හා අන්තගාමීව කටයුතු කරන්නට යාමෙන් සිදුවන්නේ සංවේදී ප්‍රශ්න අවුල් වී යාම බවද ඔහු පෙන්වා දෙනවා.