Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සිල් රෙදි නඩුවෙන් නිදහස් වූ අනුෂට කර්මාන්ත අමාත්‍යංශය භාර දෙයි

පසුගිය රජය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව , පසුව වත්මන් රජයේ පාලන සාමය තුළ නිදොස් කොට නිදහස් කරන ලද අනුෂ පැල්පිට මහතා, කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල මතයි.

පැල්පිට මහතා රාජ්‍ය ආයතන කිහිපයකම ඉහල නිල තල රැසක් දරා ඇති අතර දක්ෂ පරිපාලන නිලධාරියෙකු ලෙසද සැලකෙනවා.

ඒ අනුව නව වසරේ ජනවාරි 01 දා සිට අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමත්‍ය විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.