සැමට එක නීතියක් තහවුරු කරන බව පවසමින් බලයට පත් ආණ්ඩුව අද වන වන විට මුස්ලිම් විවාහ නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රට වටෙන්ම කාති වරුන් බඳවාගැනීම සඳහා කටයුතු කරමින් සිටීම කිසිදු ලෙසකින් අනුමත කල නොහැකි බව පවසමින් මහා සංඝරත්නය සහ මුස්ලිම් සමාජය තුළින්ම විරෝධතාවක් එල්ල වී තිබෙනවා.
මුස්ලිම් විවාහ නීතිය හරහා බාලවයස්කාර දැරියන් විවාහ කරවීම සහ ඒ තුළ නිර්මාණය කර ඇති පුරුෂාධිපත්‍ය බලයන් තුළ මේ වන විටත් බොහෝ මුස්ලිම් කාන්තවන් ගෘහස්ථ හිංසනයන්ට මෙන්ම හිරිහැරයන්ට ලක් ව ඇති බවට මුස්ලිම් සමාජය තුලින්ම කතිකාවක් නිර්මාණය වී ඇති මොහොතක තව දුරටත් මුස්ලිම් විවාහ නීතිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රතිවිරෝධයක් ද නිර්මාණය වී ඇති බව සඳහන්.
අධිකරණ සේවා කොමිසම් සභාව විසින් පසුගියදා පුවත්පත් දැන්වීමක් පල කරමින් ප්‍රසිද්ධ කර තිබුණේ රට පුරා මුස්ලිම් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කාතිවරුන් බඳවා ගන්නා බවයි.

කෙසේ වෙතත් ඊයේ මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විෂය භාර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ තමන්ගේ කිසිදු මැදිහත් වීමක් නොමැති බවයි.
කාතිවරුන් බඳවා ගැනීමට අදාල දැන්වීම අධිකරණ සේවා කොමිසම හරහා වාර්ෂිකව පවත්නා පුරප්පාඩු සම්පුර්ණ කිරීමේ අරමුණින් පල කරන ලද දැන්වීමක් බවද ඔහු සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ආනයනික කිරිපිටි බද්ද ඉහළට
ඊබ්‍රහිම් ගැන අනුර කට අරී
කොළඹට හෙට (23) පැය 12 ක ජල කප්පාදුවක්