Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“සාමි රැකේ, හාමු රැකේ – අපිට හි%#” සුබ නව වසරක් වේවා! – නිශ්මන් රණසිංහ

අලුත් අවුරුද්ද වුණත් අපිට වරදින්න විදිහක් නැහැ.ගෙවෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක ඊළඟ අවුරුද්ද ගොඩදාන්න යුක්රේනයෙන් සංචාරකයො ගෙනාවෙ නටලා පිළි අරගෙන.

යුක්රේනය රටක අපරාධ චෝදනා එල්ල වෙලා හොයන ජාත්‍යන්තර අපරාධකාරයෙක් කියලා හංවඩු ගහපු කෙනෙක්ට වුණත් තමන්ට ෂුවර් නම් බලාගන්න රටක්. ඒකට ප්‍රති උපකාර දක්වන්න උදයංග වීරතුංග මහත්තයම ගුවන් කොටුපළට ඇවිත් හිටියා.මේ රටේ එක නීතියක් ස්ථාපිත වුණාට පස්සෙ යුක්රේනය විශ්වාස කරපු අහිංසක නිවැරදිකාරයා හැටියට අපට එතුමාව දැක ගන්න පුළුවන් වුණා.

කවුරු හරි පාහරයො ටිකක් පහුගිය කාලෙ දෙවන රැල්ල ආවෙ යුක්රේනයෙන් කියන්න හැදුවත් ඒක බ්‍රැන්ඩෙක්ස් එකත් නොවී මිනුවන්ගොඩට උඩින්ම ඇවිත් කාක්කෙක් දාපු බෙට්ටකින් ඇති වුණ එකක් ගාණට හේතුවක් නැතුව පැතිරීලා සහ එහි භයානක කමේ සංඛයාවලින් පිරිලා ඉතිරිලා ගියා.

තවමත් ඒ කිරි ඉතිරීම ඒ ආකාරයටම වෙනවා.ඒ නිසා මේ යුක්රේන් උත්තමයන්ගෙන් වුණත් එහෙම හානිකර දෙයක් වෙන්න විදිහක් නැහැ.දෙසැම්බර් 28 වන විට ඒ රටේ තත්ත්වය ගැන දත්ත තමයි ඔය පහතින් තියෙන්නෙ.

අපි පහුගිය කාලෙ ලියපු දේවලට (ඒ කියන්නෙ 2019 විතර) අපිටත් හෙන ඉල්ලලා,අපේ අම්මලටත් සංසර්ගයට කතා කරලා,දරුවන්ට කෙළවෙන්න කියලා ප්‍රාර්ථනා කරපු අපූරු දේශප්‍රේමියො කණ්ඩායමක් හිටියා.දැන් ටික ටික එයාලගෙ ලිවීම් අඩුවෙලා ඒ අය අපි වේගෙන එන ලකුණු තේරෙනවා.

ඒක ටිකක් භයානක වෙන්නෙ අපි මොකාට හොඳයි කිව්වත් ඒ සුදු තීන්ත බාල්දි ඔළුවෙ හලලා ඒකව සුදුම සුදු කරන්න යන්නෙ නැහැ. එහෙම එව්වො ලෝකෙ නැහැ.

මේ සෙට් එක එහෙම නැහැ.එයාලට ඕන සාපේක්ෂ සුදක් නෙමෙයි සම්පූර්ණ සුදක්. ඒ නිසා කවුරුහරි කළුයි කියලා තීරණය කරොත් ඒකගෙ සුදක් ආයෙ දකින්නෙම නැතුව උස්සල පොළවෙ ගහලා අනෙකාව සුදු කරන එක මේ අය නියමෙට කරන්න දන්නවා. ඒක තමයි භයානකම.

කොහොමත් පෙරහැර කවුරු සංවිධානය කරත් නටන්නෙ එකම අය තමයි.ඒ නැටිලි වෙනස් කරන්න හිතාගෙන පෙරහැරට අලුත් නැටුම් ඉදිරිපත් කරන්න හදන අයට ඒ පෙරහැර එපා වෙනවා. එහෙම නැත්නම් පෙරහැරෙන්ම අයින් කරනවා.

පෙරහැර කරවන අය දන්නවා කාලෙන් කාලෙට පෙරහැරට සාදුකාර දෙන අය තමන් අතින් මොන දේ වුණත් අවුරුදු පහක් වෙන කොට නව කළුදුල් කන්‍යාවක් කරලා සළුපිලි අන්දලා නවල තමන්ව ගෙට ගන්න බව.

අලුත් අවුරුද්දෙ ඔය යුරෝපයට එංගලන්තයෙන් දීපු වෛරසය අරං එන යුක්රේන් කාරයෙක්ගෙන් හරි  කොරෝනා බෝ කරන් මැරෙන්න තිබුණොත් ඇති. එතකොට දේශප්‍රේමියෙක් විදිහට මැරෙන්න පුළුවන්. 

රට හදන්න ඉහළම පිළිගැනීමක් ඇතුව ලංකාවට ආපු සංචාරකයො. කාලෙකට පස්සෙ කාගෙ හරි නැටුම් කණ්ඩායමකටත් ඒකෙන් ගාණක් හම්බ වුණා.ඒකෙන් සංචාරක ව්‍යාපරය හරහා කලාව දියුණු කරන්න පුළුවන් බවත් ඔප්පු වුණා.

ඉස්සරහට ගිනි බිසවු,ගෝතමාලාව වගෙ රටවලටත් නටන්න වෙයි.

පොඩ්ඩක් ඒ නැටුම් ටිකකුත් නැටුම් කණ්ඩායම් ඉගෙන ගත්තට කමක් නැහැ.

ඒ රොප්පෙන් එනකොට නටන්න සූදානම් වෙන්න.ඒවට බෙර ඇඳුම් හෙම හදාගන්න අපේ නර්ථන කණ්ඩායම් සූදානම් වෙන එක හොඳයි.රටේ සාමාන්‍ය ජනතාවට ඉතිං බෙර පද ඕනි නැහැ.නිකංම වෙන රටවල තාලෙට කකුල් හෙල්ලෙනවා.ඒක පෙන්නන්න ගියොත් දේශද්‍රෝහියත් වෙනවා.

ලෝකයෙ ඉහළම තාක්ෂණය විද්‍යාව වගෙ දේවල් එක්ක සමපාත වෙන්න ගියාමත් දේශද්‍රෝහියා කරලා පැණිවලින් නාවලා එවන්නෙ කූඹි කාලා මැරෙන්න.

ඔය හිතවත්ම කීප දෙනෙක්ට නැතුවට කමක් නැහැ.අනිත් අයට බේද නොසළකා එක නීතියක් ගේන්න බලන්න.නැත්නම් සාදුලට දානෙ වළදන්නවත් වෙලාවක් නැති වෙනවා.

රටේ අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ජැටිය ඉන්දියාවට,තව ජැටිය චීනෙට,සේනා දළඹුවා අහසට වගෙ දේවල් ජන මනසෙන් අයින් කරලම දාලා සාදුලට පුළුවන් ඔය නීතිවල තියෙන ඇදවීම් කෙළින් කරලා ගන්න ස’ ට පුළුවන් කියලා ධර්මයෙන් පෙන්නා දෙන්න. 

ඒ තීරණය ගන්න වුණේ පරණ මොනව හරි නීති කෑල්ලකින් කියලා ධර්මයෙන්ම පෙන්නලා දීලා ස’ ගේ  ආරක්ෂාවට පිරිත් නූලක් බඳින්න.පරණ ආණ්ඩුවල අමනුස්ස යක්ෂ දෝෂවලින් ආරක්ෂා වෙන්න.

එච්චරයි ඉතිං.2021 සමහර විට අපි මැරෙයි. එතකොට අපි පුච්චල දායි.මොනව වුණත් ස’ ල හරි.

වසංගත දාහක් ආවත් ඒව මොන වැරද්දෙන් බෝ වුණත් තමන්ගෙ නොවන ජාතියකට කෙළවන්න තියෙනව නම් තමන්ගෙ නොවන ආගමකට කෙළවන්න තියෙනව නම් අනෙකාගේ සංස්කෘතිය පාඟා දැමිමේ නොතින් ආශාවෙන් පෙළෙන අපේ ජනතාවෝ හුරේ දමන්වා සත්තයි.

යුද්ධය විසින් බෝ කරන ලද මානසිකත්වය නිසාම රෑට කකුල් පටලගන්න ඉස්සර ඒ ආනන්දයට යන්නෙත් අපි අපේ නොවන කී දෙනෙක්ට කෙළවෙලාද කියන පුවතේ ආනන්දජනක බවින් භාගෙට සුරතාන්තයට පත් වෙලා.

අනේ සාදු සාදු…..බෞද්ධකමට අපිට හිතන්න පුරදු කරපු රටේ පන්සලේ දායාදය අරගෙන ඉන්න පල්ලියේ කෝවිලේ පියතුමාලා මවුලවිලා සාමිලා හාමුලා රකින්න අපිට මරාගන්න ඕනි හේතු ටික කියන්න. අපි මරාගෙන අතල් එකේ ඉන්නම්.

එතකොට ප්‍රශ්න සේරම ඉවරයි.

එහෙනම් කොල්ලෝ අපි ගියා.

සාමි රැකේ හාමු රැකේ   අපිට හි%#. සුබ නව වසරක් වේවා!

© නිශ්මන් රණසිංහ 

About The Author