දිස්ත්‍රික් ලේකම්රවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ යටතේ තිබියදී ඔවුන්ගේ භාරයෙන් ඉවත් කොට වනාන්තර පද්ධතියේ ආරක්ෂාව සඳහා 2001 වසරේදී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර තිබූ අක්කර ලක්ෂ 12 කට අසන්න ආවරණ වනාන්තර පද්ධතිය නැවත දිසාපතිවරුන් වෙත භාරදීමට කටයුතු කරන ලෙස මේ වන විට වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලැබී තිබෙනවා.
ඒ 2001 වසරේදී නිකුත් කර තිබු 05\2001 චක්‍රලේඛය අත්හිටුවමින් එම ඉඩම් නැවත දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පවරා ගැනීමට ගනු ලැබූ තීරණයෙන් අනතුරුවයි.
2001 වසරට පෙර දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ පැවති එම ඉඩම් ඔවුන්ගේ භාරයෙන් ඉවත් කිරීමට හේතුව වී තිබුණේද විවිධ අයථා කටයුතු සඳහා එම වනාන්තර යොදා ගැනෙන බව සහ විනාශ කර දමන බවට එල්ල වූ චෝදනාව මතයි.
රක්ෂිත වනාන්තර,අභයභූමි ඇතුළු මෙරට සංවේදී වනාන්තර පද්ධතියට මායිම්ව ඇති ඉඩම් ආවරණ වනාන්තර (Buffer Zone) ලෙස හැදින්වෙන අතර වර්තමානය වන විට ඒවා හදුන්වා දෙන්නේ වනාන්තර නොවන ඉඩම් ලෙසයි.
එම ඉඩම් රජයට පවරා ගෙන ආයෝජකයන්ට සහ ගොවියන්ට ලබා දෙන බවයි රජය පවසන්නේ.
නමුත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ප්රරධාන වනාන්ජතර පද්යධතියට ආරක්ෂාව සලසන මෙම සංවේදී වනාන්තර ඉඩම් වන සංරක්ෂණය භාරයෙන් මුදා ගෙන බහුජාතික සමාගම්වලට විකුණා දැමීම සඳහා රජය පිඹුරුපත් සකසන බවයි.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්රමයට වැඩ කරන්න – ශ්රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක