Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව නිදහස් සැමරුම මහත් හරසරින්

පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති 73 වන නිදහස් දින සමරු උළෙල සෞඛ්‍ය නීතිරීතින්වලට අනුකූලව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරනවා.

මාධ්මෙ‍ය ආයතන ප්හි‍රධානීන්දී සමග පසුගියදා (18) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලුම අංශවල අභිමානවත් නිදහස් දින සැමරුමේ පෙළපාලියක්ද පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු සැලසුම් කර ඇති බවද ගුණරත්න මහතා සදහන් කර තිබෙනවා.

ඒ සඳහා සහභාගි කරගන්නා ආරක්ෂක නිලධාරීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් පසුව ඒ සඳහා සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බව ද සදහන්.

මෙම අවස්ථාවට එක් වූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මෙවර නිදහස් දින උත්සවය අවම පුද්ගල සහභාගීත්වයක් යටතේ පැවැත්වීමට කටයුතු කරන බවයි.

පෙබරවාරි 04 වනදා නිදහස් දිනයට සමගාමීව රට පුරා බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික වතාවත් සිදු කිරීමට ද සැලසුම්ඒ කර තිබෙනවා.

නිදහස් දින පෙරහුරු කටයුතු පෙබරවාරි 01 වනදා සිට 03 වනදා දක්වා පැවැත් වීමටද සැලසුම් කර තිබෙනවා.