Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජබ නිලධාරී මණ්ඩලය පත් කෙරේ – පාඨලී , නිලධාරී ලේඛනයෙන් හැලෙයි

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල අද පෙරවරුවේ රැස් වූ අතර එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු කර තිබෙනවා.

පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා දරන අතර මහලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිව තිබෙනවා.

සභාපති ධුරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිව තිබෙන්නේ පක්ෂයේ සභාපති තනතුරයි.

තිස්ස අත්තනායක මහතා ජාතික සංවිධායකවරයායි.

සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු පත්කර තිබෙනවා.

ඒ සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉම්තියාස් බකීර් මාකර්, රවීන්ද්‍ර සමරවීර, රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් පත්කර තිබෙනවා.

නව නිලධාරී මඩුල්ලට උප සභාපති තනතුරු 8ක් ද ඇතුලත්.

තලතා අතුකෝරාළ, ගයන්ත කරුණාතිලක, මොහොමඩ් හලීම්, චන්ද්‍රානි බණ්ඩාර, පී.හැරිසන්, සුජීව සේනසිංහ, හරීන් ප්‍රනාන්දු, දිලිත් වෙදආරච්චි යන මහත්ම මහත්මීන් එම නව උපසභාපති තනතුරු සඳහා පත් කර තිබෙනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ භාණ්ඩාගාරිකවරයායි.

පර්යේෂණ සහ සංවර්ධන ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස නිරෝෂන් පෙරේරා මහතායි.

පක්ෂයේ විධායක නිලධාරිවරයා ලෙස පත්කර තිබෙන්නේ අජිත් පී පෙරේරා මහතායි.

ෆර්හාන් කාසිම් සහ තිසත් විජයගුණවර්ධන මහතා නීති ලේකම්වරුන් ලෙස පත්කර තිබෙනවා.

නියෝජ්‍ය ලේකම් තනතුරු හතරක් ද පත්කර තිබෙනවා.

අශෝක් අබේසිංහ, රෝහිණි කුමාරි කවිරත්න, නලීන් බණ්ඩාර, පී උමාචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ට එම තනතුරු හිමිවුණා.

බුද්ධික පතිරණ, රංජිත් අලුවිහාරේ, ජේ.සී අලවතුවල යන මහත්වරුන් පත්කර තිබෙන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් ලෙසයි.

ඒ අනුව නව නිලධාරී මණ්ඩලයට පුද්ගලයින් 31 දෙනෙකු පත්කර තිබෙනවා.

කෙසේ වෙතත් පාඨලි චම්පික රණවක මහතාට මෙම නිලධාරී මණ්ඩලයේ කිසිදු තනතුරක් හිමි වී නොතිබීම විශේෂත්වයක්.

සමගි ජන බලවේගයේ නිලධාරි මණ්ඩලයේ ලේඛණය පහළින්.

About The Author