Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණය ටට්යානාගේ අප්පච්චීට භාර කෙරේ..

එළඹෙන පෙබරවාරි-මාර්තු මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ලී ජයරත්න මහතා පත්කර ඇති බව වාර්තාවනවා.

දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ජෙරොම් ලී ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසන්තා ද මෙල් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ජයරත්න මහතා මෙම තනතුර සඳහා පත්කර තිබෙනවා.

එළඹෙන කොදෙව් සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක්, සහ T 20 තරග තුනක් ඇතුළත්.

නව කණ්ඩායම් කළමනාකාර ධුරයට පත් පත් ජෙරොම් ලී ජයරත්න මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යානා ලී ජයරත්න මහත්මියගේ පියා යි.