මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට කනේ පහරක් දීමේ සිදුවීමක් අද වාර්තා වුණා.
අදාළ විපක්ෂ නායක මින්සාර් මොහොමඩ් මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභාවට තේරී පත්ව ඇති අතර මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයට සහය පළකරමින් කටයුතු කරන බව සඳහන්.
විපක්‍ෂනායකවරයාගේ අසුනෙහි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සහ ඊට සහය දක්වන මන්ත්‍රීවරයෙකු වන රුක්ෂාන් ඉන්දික මහතා අසුන් ගැනීමත් සමග එම ස්ථානයට පැමිණි විපක්‍ෂ නායකවරයාට අදළ මන්ත්‍රීවරයා විසින් පහර දී තිබෙනවා.
ඒ සමග සභාව තුළ උණුසුම් වාතාවරණයක් ඇති වුණා.
පසුව මේ සම්බන්ධයෙන් පහර දීම සිදු කළ මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර .අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර ඇති බවද වාර්තා වුණා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්රික නිලධාරීන් රැසකට අක්තපත්ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි