පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට පෙරේදා (28 වැනිදා) රාත්‍රි පැවැති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසුවේය.
ඒ පරිසර අමාත්‍යාංශයේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ පළාත් සභා මැතිවරණය පිළිබඳව මහා සංඝරත්නය දක්වන විරෝධතා සැලකිල්ලට ගෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කල් දැමීමට පක්ෂ නායකයන් තීරණය කළ බවද ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙහිදී, දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනුවට නව මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දී ඇත. මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වේද, නැද්ද යන්න පිළිබඳව ලෝකයේ රටවල් රැසක් බලා සිටින බැවින් ඇතැම් තීන්දු තීරණ ගැනීමේ දී ලෝකය පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු වන බවද ඇමැතිවරයා මෙහි දී සඳහන් කර සිටියේය.
පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් ඒ පිළිබඳව මහජනතාවගෙන් කරුණු විමසිය යුතු බව ඔහු කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සංවිධායකවරුන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නියෝජිතයන්ගෙන් සිදු වන හිංසා පීඩා පිළිබඳව ද පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට යොමු කර ඇති අතර එලෙස පීඩා කරන අයට එරෙහිව පියවර ගන්නා බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක