ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2014 වර්ෂයේදී අලුත්වැඩියාව සඳහා චීනයට යැවූ පසුව අස්ථානගතවූ රුපියල් හත්කෝටි හතළිස් හතර ලක්ෂ පනස් හත් දහසක් වටිනා රේඩාර් රිසීවරය සහ ඇන්ටනා ස්කෑනරය පිළිබඳ සියලු තොරතුරු ඉදිරි මාස හයක කාලය තුළදී සොයා ගැනීමට හැකිවනු ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.
මෙම රේඩාර් රිසීවරය සහ ඇන්ටනා ස්කෑනරය ශ්‍රී ලංකාව විසින් මිලට ගත් ගුවන් යානයක සවිකර තිබී ඇත. 2014 අප්‍රේල් මාසයේදී මෙම උපකරණ අලුත්වැඩියාව සඳහා සැපයුම්කරු වෙත යවන අවස්ථාවේදී එහි වටිනාකම රුපියල් දෙකෝටි අනූ හත් ලක්ෂ අසූ දෙදහසක් ලෙස තක්සේරු කර තිබී ඇත. චීනයේදී අස්ථානගතව ඇතැයි පවසන මෙම රේඩාර් රිසීවරය සහ ඇන්ටනා ස්කෑනරය මෙතෙක් සොයා ගැනීමට අපොහොසත්වී ඇත.
කෙසේ වෙතත් වසර හයකට වඩා වැඩි කාලයක් ඉකුත්ව ඇතත් මෙම උපකරණවලට සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සොයා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී ද විපක්ෂය විසින් ප්‍රශ්න කෙරිණි.
© අජිත් අලහකෝන් – අරුණ පුවත් පත
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි