Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී මහා බෝධිය අභියසදී පැණි ධම්මිකට කාලි අම්මා වැහෙයි – පල්ලේගම සිරිනිවාස හිමියන්ටත් සත්තමක් දමයි (Video)

කොරෝනා රෝගයට දේශීය ඖෂධයක් සොයා ගත් බව පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අද ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණියේ තමා විසින් සකස් කරන ලද ඖෂධ මංජුසා කිහිපයක් ද රැගෙනයි.

මුලින්ම අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දුටු ධම්මික බණ්ඩාර මහතා කොරෝනා පැණිය අඩංගු මංජුසාවක් උන්වහන්සේට ද පූජා කළා.

අනතුරුව තවත් මංජුසාවක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුල ට පූජා කිරීම සඳහා ඔහු ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණිය ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින ඉහළ මලුවට ම යාමට ඔවුන්ට අවස්ථාව හිමි වූයේ නැහැ.

අනතුරුව පහත මාලයේ සිට ඖෂධය පූජා කොට ධම්මික බණ්ඩාර මහතා නැවතත් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් වැඩ සිටින ආවාසය වෙත පැමිණියා.

එහිදී ධම්මික බණ්ඩාර මහතා පල්ලේගම සිරිනිවාස හිමියන්ට තමන් කාලි මෑණියන් බව පවසමින් උස් හඬින් කතා කරනු දක්නට ලැබුණු අතර කාලි මෑණියන් පල්ලේගම සිරිනිවාස හිමියන් ගේ මව බවද පැවසුවා.

තමන් ලෝක සත්වයා බේරා ගැනීම සඳහා මෙම ඖෂධය සොයාගත් බවත් එය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුලට පූජා කිරීමට ඉඩ ලබා නොදීමෙන් තමා වේදනාවට පත් වූ බවත් පැවසු ඔහු, තම කටයුත්තට නිසි ගෞරවය ලබා නොදෙන්නේ නම් ඖෂධ සෑදීම නතර කරන බවද පවසමින් කලබලකාරි අයුරින් හැසිරුණු අතර රැස්ව සිටි පිරිස සහ පොලිස් නිළධාරීන් විසින් ඔහු පාලනය කරන අයුරු දක්නට ලැබුණා.

අදාළ වීඩියෝව පහළින්.. 

About The Author