Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගහට ගහක් ශ්‍රී මහා බෝධිය අසල දී වුව ද හමුවිය හැක – මිත්‍යාවෙන් ලොවම අදුරු වෙයි ද ?

මීට මාස කිහිපයකට ඉහතදී තමා රහත් වී ඇති බව පවසමින්  එක්තරා ශ්‍රමණ වේශ ධාරියෙකු කිරි කල වලින් ස්නානය කරන ආකාරය සහ විශාල නාග දරනක් පා මුල වාඩි වී සිටින ආකාරය දැක්වෙන  ඡායාරූප අන්තර්ජාලය  කළඹ වනු ලැබුවා.

එමෙන්ම අදාළ ශ්‍රමණ වේශධාරීයා විසින් ගනු ලැබූ  තවත් ඡායාරූප කිහිපයක් මහා සංඝරත්නය සහ බෞද්ධයන්ගේ දැඩි පිළිකුලට සහ අප්‍රසාදයට පාත්‍ර වුණා.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන්  කිසිදු බෞද්ධ විනය ක්‍රියාමාර්ගයක්  ගත බවක් අපට දැනගන්නට ලැබුණේ නැහැ.

මාස ගණනාවකට පසු ඡායාරූපවලින් අප දුටු අදාල ශ්‍රමණ වේශධාරී  පුද්ගලයාගේ රුවට සමාන රුවක් ඇති  භික්ෂුවක් ශ්‍රී මහා බෝධිය අබියසදී රූපවාහිනී කැමරා කාචයට හසු වී තිබුණා.

බැලූ බැල්මටම පෙනෙන්නේ මීට මාස කිහිපයකට පෙර තමන් රහත් වී ඇති බව පැවසූ  අදාළ ශ්‍රමණ වේශධාරියා ධම්මික බණ්ඩාර මහතා සමග ශ්‍රී මහා බෝධීන් වහන්සේට  කොරෝනා පැණිය පූජා කිරීමට පැමිණ ඇති බවයි.

සත්‍ය වශයෙන්ම මෙහි සිටින්නේ මීට මස කිහිපයකට ඉහතදී තම රහත් වූ බව පවසා ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ පල කළ අදාල ශ්‍රමණ වේශධාරියාම නම් තත්වය කෙතරම් සෝචනීයද?

රුවෙන් 100 % එක හා සමාන පුද්ගලයන් තව දුරටත් සිටිය හැකි නිසා තව දුරටත් අදහස් පලනොකරන අතර මෙය සැබෑවක් නම් අපට නිගමනය කිරීමට වන්නේ 21 වන සියවස පසුකරමින් සිටියද මිත්‍යාව සහ මුලාව ජන සමාජය තුළ ට කිඳා බැස එක පොකුරට , එක මිටකට ගොනු වෙමින් ජන විඥාණය තව දුරටත් මොට කර දමන බව නොවේ ද?