Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෛද්‍ය පාදෙණිය වෙනුවෙන් GMOA උත්තර බැඳී – වැඩ කරන මිනිසුන් අධෛර්යට පත්කිරීම පිටුපස මාධ්‍ය ප්‍රධානියෙක්

තම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කොවිඞ් ආසාදිතයෙකුගේ පළමුපෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැනීම පිළිබඳව පැහැදිළි කරමින් එම සංගමය නිකුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙන්ම තම සංගමයේ කිසිවෙකු කොරෝනාවට බියේ පලා නොයන බවයි.

ඕනෑම අභියෝගයකට නිවැරදිව මුහුණ දීමේ අත්දැකීම් සිය සංගමය සතු බවත් කිරිපිටි, දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මෙහෙයවන මුදල්වලට විරුද්ධව රටේ දරුවන්ගේ යහපත සඳහා සිය සංගමය කරගෙන යන මෙහෙයුම් යටපත් කළ නොහැකි බවත් ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

කොරෝනාවට එරෙහිව කටයුතු කරන පිරිසගේ චිත්ත ධෛර්යය බිඳ වැටෙන අයුරින් එක්තරා මාධ්‍ය ප්‍රධානියෙකු තම මාධ්‍ය හසුරුවන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

නමුත් ඔහු කවරෙක්ද යන්න හෙළි නොකිරීමට ඔවුන් සුක්ෂම වී තිබෙන බවද පැහැදිලි.

කොරෝනා අසාදිත හෝ ආශ්‍රිත පුද්ගලයන්ගේ නම් ගම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ආචාර ධර්මීය නොවන බවද ඔවුන් පෙන්නවා දෙනවා.

එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය වැළඳීම අනපේක්ෂිත දෙයක් නොවන බවයි.

අදාළ මාධ්‍ය නිවේදනය පහළින්..