Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බයිස්කෝප් කර්මාන්තයේ දියුණුවට අගමැතිගේ අතහිත – බදු සහන රැසක්

දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබා දී පසුගිය යහපාලන රජය විසින් අවලංගු කළ බදු සහන නැවත ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, බුද්ධශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන් විසින් එම තීරණය ගෙන තිබෙනවා.

මේ අනුව චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන මෙන්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී වැය කරන මුදලට අදාල බදු සහන සහ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහන දීමට ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

මෙම බදු සහන චිත්‍රපට සංස්ථාවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම්වේ කර ඇත්තේ.

ඒ අනුව දේශීය සිනමාකරුවන්ට සහ චිත්‍රපට නිෂ්පාදකවරුන් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ට  චිත්‍රපට සංස්ථාව ඔස්සේ මේ සඳහා ඉල්ලුම් කිරීමෙන් රජය විසින් ලබා දෙන මෙම බදු සහන නැවත ලබා ගැනීමට අවස්ථාව උදා කර ඇති බව වාර්තා වනවා.