Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෙනිසුවෙලාවේ විපක්ෂය කොයිබට ද?

වෙනිසුවෙලානු විපක්ෂ ප්‍රධානියෙකු වන ලියෝපෝල්ඩෝ ලෝපෙස් 2019 අප්‍රේල් මාසයේ සරණාගතභාවය පතා ස්පාඤ්ඤයේ කැරකස් තානාපති කාර්යාලය කරා ගිය අතර මේ වන විට ඔහු රහසේ රටින් පලා ගොස් ඇති බව කියවේ. ඔහුගේ පියා පැවසුවේ ලෝපෙස් මහතා පළමුව කොලොම්බියාවට ගොස් පසුව ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර දී සිය බිරිඳ හා දරුවන් තිදෙනා සමඟ එකතු වන බවයි.

විපක්ෂ නායක ජුවාන් ගයිදෝ සමඟ එක් ව ජනාධිපති නිකලස් මදුරෝ නෙරපා හැරීම සඳහා කැරැල්ලක් කැඳවීමෙන් පසු ලෝපෙස් මහතාට තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගැනීමට සිදු විය. ප්‍රචණ්ඩ දේශපාලන විරෝධතා උසිගැන්වීමේ චෝදනාව මත ඔහු 2014 දී අත්අඩංගුවට ගනු ලැබීය. එම චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇති ලෝපෙස් මහතාට, හමුදා බන්ධනාගාරයක වසර 14 ක සිර දඬුවමක් ද නියම විය. විපක්ෂයේ සහාය ඇතිව ආරක්ෂක ඒජන්තවරුන් විසින් පසුගිය වසරේ දී නිදහස් කර හරින විට ඔහු නිවාස අඩස්සියේ පසුවිය. මෙම පළා යාම පිළිබඳ වෙනිසුවෙලානු ජනාධිපති මදුරෝ ඇතුළු රජය මේ වන තෙක් කිසිදු අදහසක් දක්වා නැත.

වෙනිසුවෙලාව වසර ගණනාවක් තිස්සේ දේශපාලන හා ආර්ථික අර්බුදයක ගිලී ඇත. නිරන්තර විදුලි කප්පාදුව සහ ඉන්ධන හා පානීය ජල හිඟය පිළිබඳ පවතින දරුණු ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ පසුගිය මාසයේ රට පුරා විරෝධතා සිය ගණනක් ඇති විය. වෙනිසුවෙලානු රජය රටේ අභ්‍යන්තරයේ රාජ්‍යයන් නොසලකා හැර ඇති බවට රටවැසියෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ රජය සිය ජනතාවට අයත් සම්පත් කැරකස් වෙත හරවා යවන බවයි.