මොනවා ලියන්නද රැවටිලිකාර ලොවේ
ජාතිය වැනසිලා බොරුවෙන් පිරී දැවේ
බොරු අනුරාගයේ සිතුවිලි නගා මුවේ
තොපි රැවටුණා දැන් හරි උන් රඟයි ලොවේ
චීනෙට කෑල්ලක් සින්නක්කර ලියලා
උන්ගෙම ණය අරන් උන්ගෙම රට නගලා
අපේ බදුවලින් උන්ගෙන් ගත් ණය ගෙවලා
ජාතිය සමඟ ආගම සුරකිමු රඟලා
MCC ගිවිසුම හොඳ නැහැ කියලා
කහකඩ නාඩගම් ඇති වනතුරු මවලා
අමරිකානු පුරවැසි රජයක් හදලා
හූරේ දාමූ තනි සිංහල කම කියලා
කොරෝනා කවුද එනකොට උම්ම දෙමූ
රට කරවන් යන්න අයියට ඡන්ද දෙමූ
ඔලු ගෙඩිවලින් මොළගෙඩි ටික අරන් දැමූ
රැවටිලි කාර යුගයක අපි බලං ඉමූ
වඳ කොත්තුවක් නෑ ආසාවට කන්න
පැලෝපීය නාල අතින් අඹරන්න
බ්‍රෙසියර් එකේ වඳ ජෙල් එක තවරන්න
සාෆි කොහෙද වඳ සැත්කම කරගන්න
පාස්කුවේ උණු ලේ ගගෙහී තෙමිලා
සාක්ෂියේ හදවත මහ හයියෙන් ගැහිලා
නාට්‍යයක් දැයි රඟදක්වපු අහලා
පාස්කුවත් ඇදි ඇදි යනවා නැමිලා
තව රැවටිච්ච හැටි ලිය ලිය මේ බුකියේ
ඉන්නට ගියොත් වෙන්නේ කෙළියකි එළියේ
පෝස්ට් හොයන්නට ගොස් දාලා ඇති බුකියේ
වෙඩි කා නසින්නට වෙයි සැකයක් නැත සොමියේ
අත නොහැර කියවන තැන
VIPලට ලැට් යන්න ලක්ෂ 177ක් | පාචනේද ? | හෙන ගහයි කියලත් පුදුම බයක් | ආණ්ඩුවට අභියෝගයක්
වලිගෙන් අල්ලාගෙන ඇනකොන්ඩාවුන් හුරතල් කිරීමේ ආදීනව
කට කයිවාරු අස්සේ කුජීත වැඩක්