20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
අධිකරණ අමාත්‍ය, අලි සබ්රි මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එයට විරෝධය පළකරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සටන් පට ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වුණා.
ඒ අදාල සංශෝධනය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අනතුරක් බව පවසමින්.
විපක්ෂයේ විරෝධතාවය පැවැත්වෙන කාලය අතර තුර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් සිය ජංගම දුරකථනය මගින් පටිගත කරන ලද වීඩියෝවක් ද මේ වන විට සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතිනවා.
https://web.facebook.com/drkavindajayawardana/videos/815650545864904
අද (22) පාර්ලිමේන්තුව උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර සවස 5.30 දක්වා පාර්ලිමේන්තු පැවැත්වෙනවා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි