2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විනාශ කළ විල්පත්තුවේ කොටස අතේ වියදමින් වගා කිරීමට රිෂාඩ් ට අධිකරණ නියෝගක්

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යයි පවසමින්  විල්පත්තුව රක්ෂිතයට අයත් කල්ලාරු අභයභූමි ප්‍රදේශය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්ව තිබෙනවා.

එම නියෝගයෙන් දක්වා තිබෙන්නේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යැයි පවසමින් විල්පත්තුව රක්ෂිතයට අයත් කල්ලාරු අභයභූමි ප්‍රදේශය එළිපෙහෙළි කිරීම වරදක් වන බවයි.

එමෙන්ම අදාල භූමිය සිය පුද්ගලික වියදමින්  වගා කොට  වනාන්තරය නැවත නිර්මාණය කිරීම සඳහා කටයුතු කරන ලෙසද  අධිකරණය රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබෙනවා.