Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බලයට එන හැම පාලකයෙකුම ධනපති කඳවුර ආරක්ෂා කරනවා, ජනතා ප්‍රශ්නවලට විසඳුමක් නෑ – ටිල්වින් සිල්වා

බලයට පත්වන සෑම පාලකයන්ම  සිදු කරන්නේ ධනපති පන්තිය ආරක්ෂා කරමින් කටයුතු කිරීම පමණක්  බව  ජනතා විමුක්ති  පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

මෙම ක්‍රමවේදය දිගින් දිගටම ගෙන යන්නේ නම් රටේ ජනතාවගේ ප්‍රශ්න සඳහා ස්ථිර විසදුම් ලබා දීමට කිසිදු පාලකයෙකුට හැකියාවක් නොලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ තුළ නිර්මාණය වන සමාජය විෂමතාවන්ගෙන් පිරී ගිය එකක් බවත්, සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න වලට කිසිදු ආකාරයකින්  සංවේදී නොමැති පාලකයින්  තවදුරටත් නිර්මාණය වෙමින් පවතින බවත්  පැවසූ ටිල්වින් සිල්වා මහතා  මෙම ක්‍රමවේදය වෙනස් කිරීම වෙනුවෙන්  ඇති හොඳම විකල්පය  ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව අවධාරණය කළා.

ඔහු මේ අදහස් පළ කළේ පසුගියදා පැවැති ඉල් මහ විරු සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින්. 

අදාළ වීඩියෝව පහළින්..