එක්සත් ජාතික පක්ෂය යලිත් ප්‍රතිසංවිධානය කරමින් නගාසිටුවීමේ අරමුණින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
දිවයින පුර සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන අද අනුරාධපුරයෙන් ආරම්භ කරන බවයි රුවන් විජයවර්ධන මහතා සදහන් කළේ.
එහි පළමු වැනි වැඩසටහන අද උදැසන අනුරාධපුර සීදේවි හෝටලයේදී පැවත් වුණා.
එහිදී අනුරාධපුර දිස්ත්‍රක් ආසන සංවිධායකවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන් හමුවී ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබද සහ ඉදිරි ප්‍රතිසංවිධාන වැඩ කටයුතු පිලිබඳ දිගින් දිගටම සාකච්ඡා කර තිබෙනවා.
එයට පාලිත තෙවරප්පෙරුම , පාලිත රංගේබණ්ඩාර , සන්දීත් සමරසිංහ .සමන් රත්නප්‍රිය සහ කස්තුරි අනුරාධනායක යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සම්බන්ධ වුණා.
අත නොහැර කියවන තැන
ජනපතිවරණයට පෙර මහමැතිවරණයට වැඩි ඉඩක් – විධායකයේ සමාව අයැදීම අධිකරණයේ ස්ථාවරය සමඟ ගැටීමක
වසර දෙකට රනිල් ගහපු ගේම මෙන්න – පනත් 90ක් සම්මත කරගෙන
සමගි ජන බලවේගයේ සභාපති ධුරයට ඉම්ටියාස් !