වසර පහටම ගැළපෙන අයුරින් විද්‍යාත්මක පදනමක් යටතේ සකස් කරන ලද බව පැවසුන වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් වසර දෙකක් ගතවීමට පෙර හතරවන වරටත් සංශෝධනයට ලක්ව තිබෙනවා.
මෙම විෂය පථ සංශෝධනය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශ විෂය පථය සංශෝධනයට ලක්ව තිබෙන්නේ එහි ඇති ආයතන කිහිපයක් ඉන් ඉවත් කරමින් වීම විශේෂත්වයක්.
අදාළ අමාත්‍යංශයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ චමල් රාජපක්ෂ මහතා වන අතර ඔහුගෙන් ඉවත් කරන ලද ආයතනවල බලය පවරා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතයි.
එමෙන්ම ඉඩම් අමාත්‍යාංශයට අයත් විෂය පථයට ද සංශෝධන කිහිපයක් සිදුකර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (16) දිනයේදී මෙම ගැසට් නියෝගය නිකුත් කර තිබුණා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක