Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෙනස්වන ලෝකය සමග යාවත්කාලීන වන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළ යුතුමයි – ජනාධිපතිවරයා අවධාරණය කරයි

ගෝලීය හැලහැප්පීම් සහ පරිවර්තනයන් සමග ශ්‍රී ලංකාව වේගයෙන් අනුගත විය යුතු බවත් එයට සරිලන ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමයේ අවශ්‍ය වනස් කම් සිදු කිරීමට අදාළ ආයතන සියල්ල කටයුතු කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකලේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා (16) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2020 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 31 වැනි උපාධි ප්‍රදානෝත්සයේ දී . ආරක්ෂක අධ්‍යයන, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු, ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මික විද්‍යාව සහ සමාජ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් විද්‍යාර්ථයින් 1379 දෙනෙකු සඳහා උපාධි පිරිනැමුණා.

ආචාර්ය උපාධිධාරීහූ පස්දෙනෙක්, පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් 263 දෙනෙක් ද මේ අතර වෙති. ප්‍රථම උපාධිධාරීන් ගණන 1111කි.දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස දෙවන ලුතිතන් ආර්.එම්.ටී.ඊ.පී. රත්නායක, දක්ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස ලුතිතන් වී.එස්. පලිහවඩන, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරී ආර්.ජී.එස්.ඩී. ගමගේ, අතිශූර නිලධාරියා ලෙස දෙවන ලුතිතන් ආර්.එම්.ටී.ජී.පී. රත්නායක යන මහත්වරුන්ද ජනාධිපතිතුමන් අතින් විශේෂ තිළිණ ලබාගත්තා.

මෙහිදී උත්වසව සභාව ඇමතු ජනාධිපතිවරයා වර්තමානයේ ගැටළුවලට විසඳුම් සෙවිමේ දී පෞද්ගලික අංශයට රාජ්‍ය විශ්ව විද්‍යාල සහ සෙසු උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව කටයුතු කිරීමට වැඩි අවස්ථා තිබිය යුතු බවත් උපාධිධාරීන්ට නව තාක්ෂණය පිළිබඳව යම් දැනුමක් ලබාදීම අත්‍යවශ්‍ය බවත් සිහිපත් කළා.

අවම වශයෙන් පරිගණක හැසිරවීම සඳහා අවශ්‍ය විෂය දැනුම තිබීම සාර්ථක අනාගතයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇති බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා අධ්‍යයන ක්ෂේත්‍රය කුමක් වුවත් සියලු සිසුන්ට තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හඳුන්වා දෙන ලෙස සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටීමටද කටයුතු කිරීම විශේෂත්වයක්.

විශ්වවිද්‍යාල තුළ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල ශ්‍රේණිගත කිරීම්වලට හිතකර ලෙස බලපානු ඇති බව පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහළ සමත්කම් ඇති පිරිස් ආකර්ශනය කර ගැනීමටත්, රඳවා ගැනීමටත් විශ්වවිද්‍යාල අතර තරඟකාරී වටපිටාවක් නිර්මාණය කළ යුතුබවද සඳහන් කළා.

සියලු දෙනා එක්ව කැප වුවහොත් ලෝකය වේගවත් වෙනස්කම් වලට භාජනය වුවද අපේ විශ්වවිද්‍යාල ගෝලීය වශයෙන් තරගකාරී ආයතන බවට පත්කර ගත හැකි බවත්, ඉන් තරුණ තරුණියන්ගේ අනාගත අභිවෘද්ධිය සලසමින් රටේ ආර්ථිකය ද ශක්තිමත් කළ හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.