Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇතැයි පුරෝකථනයක් – මුලාශ්‍ර නොමැති රෝගීන් හමුවීමේ සම්භාවීතාවයත් ඉහලට

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි බරපතල තත්ත්වයක් බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා වෛරසයේ අවදානම් කාණ්ඩ රැකගැනීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගතයුතු බවද සංග්‍රමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

එසේ නොකලහොත් කොරෝනා මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇතැයි ද ඒ මහතා අනතුරු ඇගවීය.

ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මෙම තත්ත්වයට මුහුණ දීමට විශාල ඉඩකඩක් ඇති නමුත් එම තත්ත්වය තවදුරටත් පවතින්නේ වළක්වා ගත හැකි මට්ටමේ බවද ඒ මහතා පැවසීය.

එනිසා එක් එක් ප්‍රදේශවල ඇති නියම අවදානම එහි ජනතාවට නොසඟවා පවසන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

එවිට ජනතාව වගකීම් සහගතව සහගතව හැසිරීමට යම් පෙළඹවීමක් ඇති වෙනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

මුලාශ්‍ර නොමැති රෝගීන් හමුවීමේ සම්භාවීතාවයත් ඉහලට

මේ අතර ආශ්‍රිතයන් හෝ මුලාශ්‍ර හෝ කිසිවක් තහවුරු කර ගැනීමට නොහැකි මට්ටමේ රෝගීන් වාර්තාවීමේ සම්භාවිතාවය ද මේ වන විට ඉහල ගොස් ඇති බව වාර්තා වනවා.

කාර්ය මණ්ඩලයෙන්ද නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ යක්කල ශාඛාව ඊයේ පස්වරුවේ වසා දමා තිබේ.

ඔහු සමග සමීපව කටයුතු කරන ලද කාර්යමණ්ඩලයේ 28 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

එමෙන්ම ඔවුන් කොරෝනා පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට නියමිතව තිබේ.

මෙම අසාදිතයාට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් හෙළි කරගත නොහැකි වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

මේ ආකාරයෙන් දිවයින පුරා මෙවැනි ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් මතුව ඇති බව සදහන්.