Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවට ණයක් දෙන්න ජාත්‍යන්තරයෙන් ඇපයක් ඉල්ලලා

මාස 4ක කාලයක් තුළ රුපියල් බිලියන 1000කින් ණය මුදල ඉහළ ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඒ මහතා මේ අදහස් දක්වා සිටියේ අද සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එමන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වෛරී රාජ්‍යක්‌ ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් ණයක් ඉල්ලූ විට ඒ වෙනුවෙන් ඇපයක් ඉල්ලා ඇති බව ඔහු සඳහන් කළේය.

වසර 50ක 60ක කාලයක් තිස්සේ ජාත්‍යන්තරයෙන් ණයක් ඉල්ලීමේදී කිසිම විටෙක ඔවුන් එවැනි ඇපයක් ඉල්ලා නොමැති බවත් එය ස්වෛරී රාජ්‍යකට ඇති පිළිගැනීම බව සඳහන් කල ඒ මහතා, නමුත් ඇමරිකානු බැංකුවක් මඟින් ලංකාවට අයිති ඇමරිකානු භාණ්ඩාගාරයේ බිල්පත් ඇපයට තැබුවහොත් ඩොලර් බිලියනයක ණයක් දෙන බවට පවසා ඇති බව සඳහන් කළේය.

එයට හේතුව දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියටත් ගෙන ගියහොත් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජාත්‍යන්තරය දැක තිබීම බව පැවසීය.

මේ සම්බන්ධයෙන් අද පවතී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා

https://web.facebook.com/watch/?v=1134849906897404