Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රු.කෝටි 1000ක සීනි මගඩියට එරෙහිව, ජවිපෙ CID යට

මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා සීනි සඳහා පනවා තිබූ බදු මුදල වෙනස් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදන කිහිපයකින් ආණ්ඩුවට විශාල බදු මුදලක් අහිමිවීමත් එම ගැසට් නිවේදන උපයෝගි කරගනිමින් ආණ්ඩුවට හිතවත් සීනි ආනයනකරුවෙකු විසින් විශාල ලාභයක් උපයාගැනීමත් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. 

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජවිපෙ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මෙසේ පැවසිය. 

”ආණ්ඩුවේ හිතවතුන් රජයේ ආයතනවල ඉහළ නිලධාරීන් ඒකාබද්ධව කරන ලද රුපියල් කෝටි 1000කට වැඩි මූල්‍ය වංචාවක් ගැන පැමිණිල්ලක් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළා.  මේවා සංවිධානාත්මක් මූල්‍ය අපරාධ.  මුදල් අමාත්‍යංශය, පාරිභෝගික සේවා අධිකාරිය, සතොස වැනි ආයතන ඒකාබද්ධව මෙවැනි ගනුදෙනුවකට තීන්දු තීරණ අරන් තිබෙනවා.  රුපියල් 50ට තිබුණ සීනි කිලෝ එකක බද්ධ ශත 25 දක්වා අඩුකරන්න පසුගිය ඔක්තෝබර් මාසයේ ගහපු ගැසට් එකකින් පසුව තමයි මේ ගනුදෙනුව වෙලා තියෙන්නේ.  

”රුපියල් 50ට තිබුණ සීනි කිලෝ එකක බද්ධ ශත 25 දක්වා අඩුකරන්න පසුගිය ඔක්තෝබර් මාසයේ ගහපු ගැසට් එකකින් පසුව තමයි මේ ගනුදෙනුව වෙලා තියෙන්නේ ” 

මේ ගනුදෙනුව හෙළි උනාට පස්සේ සතොස සභාපති එතන පුටුවෙන් ඉවත් කරලා ප්‍රමිති ආයතනයේ සභාපති බවට පත්කළා. ආණ්ඩුව හිතනවනම් පුටු මාරු කරලා මේ හොරකම් වහන්න ඒක කරන්න බැහැ.  

හොරු අල්ලන්න ආපු ආණ්ඩුව රු. කෝටි 1000ක ජනතා මුදල් වංචා කරනවා. ජනතාවට රු.85ට සීනි දෙන්න කියලා ගැසට් ගහලා මේ වංචාව කරන්නේ.   කොවිඩ් වැක්සීන් එක ගේන්න කෝටි 1000ක් ණය ගන්න හදනවා.

ලැජ්ජ නැද්ද ජනාධිපතිතුමාට.කොවිඩ් වැක්සීන් එක ගේන්න කෝටි 1000ක් ණය ගන්න හදනවා. ලැජ්ජ නැද්ද ජනාධිපතිතුමාට.  

ඒ නිසා මේ වංචාව ගැන හොයලා මේ මුදල අයකරගන්නත් දූෂිතයින්ට දඩුවම් දෙන්න කියලත් අපි ආණ්ඩුවට බලකරනවා.  

ඒ වගේම මේ පැමිණිල්ල අපි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමටත් බාර දෙනවා.  එදා මහබැංකු බැඳුම්කරවලින් හොරකම් කළා අද බදු වංචා කරනවා.  

ව්‍යාපාරික හිතවතුන් පෝසත් කරන මේ ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහෙන්න කියලා අපි ජනතාවට කියනවා. 

WhatsApp Image 2021 01 04 at 2.46.51 PM 2   මෙම පැමිණිල්ල අද (04) දින පෙ.ව. 11.00ට ජවිපෙ මධ්‍යමකාරක සභිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සහ නීතිඥ සුනිල් වටගල මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුකෙරිණි. 

WhatsApp Image 2021 01 04 at 2.46.50 PM

© මුලාශ්‍රය – The Leader.lk