Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිරෝධායනයට ලක් කළ යාල සෆාරි රියදුරෙක් කට අරී – හතර වටේ රෙදි ගලවයි (Video)

යුක්‍රේනයේ සිට පැමිණි සංචාරක කණ්ඩායමට ප්‍රවාහන පහසුකම් සැපයු මේ වන වට නිරෝධායනයට ලක්ව සිටින යාල සෆාරි රියදුරෙකු වන සම්පත් ගල්ලපත්ති මහතා සිය face book ගිණුම ඔස්සේ සජීවී ලෙස අදහස් දක්වමින් තමන් මුහුණ පැ ඇති ගැටලුව පිලිබඳ අවේගාත්මක ලෙස අදහස් පල කර තිබෙනවා.

ඔහු තමන් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු ලෙසද හදුන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ඇති වී තිබෙන තත්වය හමුවේ ඔහු ආණ්ඩුව පිලිබඳ දැඩි විවේචනයක් එල්ල කරන්නේ මෙම සංචාරකයන් ගෙන්වීම ආණ්ඩුවේ ජාවාරමක් සහ අහිංසකයන් බිල්ලට ගන්නා මාධ්‍ය සංදර්ශයක් බවට විවේචනය කරමින්.

ආණ්ඩුව යාල සහ තිස්සමහාරාමය විනාශ කර දැමු බවට චෝදනාවක් ද ඔහු එල්ල කරනවා.

කොරෝනා අසදිතයන් බව දැන දැනත් ආණ්ඩුව විසින් රටේ සමනය ජනතාවගේ ජීවිත අවදානමට දමමින් ලංකාවට කොරෝනා ආනයනය කර ඇති බවටද ඔහු චෝදනා කරනවා.

ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම කැහි ගෑණි දී හොටු ගෑණි ගත්තා වගේ වැඩක් බවයි පවසන්නේ.

විපක්ෂයේ ය හිනා වුණත් දැන් තම නිර්පාක්ෂිකයෙකු බවද ඔහු සදහන් කරන්නේ මහත් සංවේගයෙන්.

සංචාරකයන් ගෙන ඒමේ තීරණය අගය කරමින් තම නාමල් රාජපක්ෂ මහතාට ස්තුතිය පල කරමින් ඊයේ දිනයේ වීඩියෝවක් පල කල බවත් එය සිදු කළේ ඔවුන්ගේ ඉල්ලීම මත බවත් පවසන සම්පත් මහතා ඒ සම්බන්දයෙන් තමා සමාව අයදින බවද සදහන් කරනවා.

ජනධිපතිවරයා වට සිටින බත් බැලයන් සිදුකරන ජාවාරම් හමුවේ ජන්ධිපතිවරයද ෆේල් කියා දැන් තමන්ට සිතෙන බවද ඔහු පවසනවා.

ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ සංචාරකයන් තැනට අවශ්‍ය නොවන බව සහ කුලී වැඩක් හෝ කරගෙන ඔආදුවේ ජීවත් වීමට ඉඩ දෙන ලෙසයි.

කොරෝනා අසාදිත සංචාරකයන් රට පුරා සංචාරයේ යවා අහිංසක ලාංකිකයන් දින 14 ක් කූඩු කර දමන තැනට ආණ්ඩුව පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

දැඩි විවේචනයක යෙදෙන ඔහුගේ සම්පුර්ණ කතාව පහළින්..