රියෝ ද ජැනෙයිරෝ පොලිසිය විසින් නගරයේ නගරාධිපති මාර්සෙලෝ ක්‍රිවෙලා අත්අඩංගුවට ගෙන තිබේ.
2016 දී තේරී පත් වූ එවැන්ජලිස්ත දේවගැතිවරයෙකු වන ක්‍රිවෙලා මහතා රියෝ නගර ශාලාවේ දී සිදු කළ අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අනුව අද අලුයම සිට නිවාස අඩස්සියේ තබා තිබේ.
63 හැවිරිදි කොන්සර්වේටිව් පාක්ෂිකයෙකු වන ඔහු 2021 වසරේ ද නැවත තේරී පත්වීම සඳහා ඡන්දය ඉල්ලූ නමුත් මධ්‍යම දක්ෂිනාංශික පාක්ෂිකයෙකු වන හිටපු නගරාධිපති එඩ්වාඩෝ පේස් විසින් ඔහු පරාජය කරන ලදී.
කෙසේ නමුත් ක්‍රිවෙලා මහතා කියා සිටියේ තමා නිර්දෝෂී බවත් මේ වන විට ඔහු දේශපාලන හිංසනයක ඉලක්කය බවට පත්ව ඇති බවත් ය.
අත නොහැර කියවන තැන
මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක්
සෞඛ්‍ය ඇමැතිට පොලිසීයෙන් වෙඩි
ජෝන්ට වැටුණු බාල්දිය