මේ වෙද්දී ලංකාවේ කී දෙනෙක් දික්කසාද වෙලා ඇති ද? එහෙම කියලා කවුරුත් මනෝ උපදේශකයෙක් හොයාගෙන යනවද? ඇත්තට ම එහෙම කෙනෙක් ඕනෙ වෙන්නෙ දික්කසාද වෙන්න නෙවෙයි, එහෙම වෙන එක නවත්ත ගන්න.
හැබැයි රිතික් රෝෂන් නම් වැඩ කරන්නෙ වෙනස් විදිහකට. එයා සුසෑන් ඛාන් එක්ක තිබුණු විවාහ සංස්ථාව බිඳලා දැම්මට පස්සෙ පළවෙනියෙන් ම ගියේ මනෝ උපදේශකයෙක් හොයාගෙන.
එදා ඉඳලා සැලකිය යුතු කාලයක් යනකල් රිතික්ගේ චිත්රපට ගනුදෙනු, චරිත තෝර ගැනීම්, ගමන් බිමන්,යාළුවන් හිතවතුන් ආශ්රය කිරීම්, සම්මුඛ සාකච්ඡා පැවැත්වීම් වගේ හැම දෙයක් ම තීරණය කළේ එ් උපදේශකවරයා.
මේ ක්රියා පිළිවෙත අනුගමනය කරලා රිතික් උත්සාහ කළේ වෙන කිසි ම දෙයකට නෙවෙයි. එයාට ඕනෙ වුණේ තමන්ගේ දික්කසාද පෙම්බරීගේ මතකය සම්පූර්ණයෙන් ම හිතෙන් අයින් කරලා දාන්න. ඒකට සෑහෙන්න ලොකු වියදමකුත් ගියා.
ඕකට ඉතින් ඔච්චර මහන්සි වෙන්න ඕනෙ යැ. වෙන කෙල්ලෙක් හොයා ගත්තා නම් ඉවරයි නෙ, නේද?
අත නොහැර කියවන තැන
හම්මෝ මට සීතල ඉවසන්න බැහැ අප්පා… – එමා වොට්සන්
පුංචි තිරයේ හැඩ මවන ගම්පහ පුංචි මන්ත්රී නෝනා (PHOTO)
මම කවුද?